🌿11 හමුව🌿

9.7K 1K 820
                                    

රෙහාන්ගේ බෙහෙත් කවර ටික හම්බුන නිසා ෂදිල් හිටියේ සෑහෙන අවුලෙන්...රෙහාන් බේත් බොනවද...බොන්නේ මොන ලෙඩේටද කියන එක එයා සෑහෙන්න කල්පනා කලා ඊලඟ දවස් කීපයම.....කොල්ලාගේ හිත අවුල් වුනා....

එයා රෙහාන්ගෙන් හොරකම් කරගත්තු බෙහෙත් කාඩ් එක දිහා බලාගෙන තමා කල්පනා කලේ...බෙහෙත් කාඩ් එකේ නමවත් ගූගල් කරලාවත් බලන්න එයාගේ හිත බයවුනේ ඒකෙන් එන ප්‍රථිපල දරාගන්න බැරි වෙයිදෝ හිතලා....

රෙහාන් කාටවත් එයාගේ ප්‍රශ්න කියන කෙනෙක් නෙවේ....හිත ඇතුලේ තියාගෙන කේන්තියෙන් පිටදාන්නයි එයා දන්නේ සහ එයාට පුරුදු....නපුරු මිනිස්සු ගාවට ලන්වෙන්න අනික් අය බයයි....ප්‍රශ්න අහන්න යන්නෙත් නැහැ....සමහරු බොරු නපුරුකමක් මවාගන්නෙ ප්‍රශ්න වලට අනික් අය ඇඟිලි ගහන එක වලක්වගන්න....

අර ලියමනත් ෂදිල් ආයේ ඇරලා බැලුවේ නෑ...බලන්න හිත් දුන්නෙත් නෑ...ඒක රෙහාන්ගේ ඩයරියෙන් ෂදිල්ගේ ඩයරිය ඇතුලට මාරු වුන එක විතරයි වුනේ...

තැන මාරු වුනා විතරයි...හරියට රෙහාන්ගේ හිත ඇතුලේ පදිංචිකාරයා වෙනස් වුන විදියට...අයෝධ්‍යා වෙනුවට ෂදිල් ආවා වගේ.....

ෂදිල්ගේ ඩයරිය හිස් එකක්..හිස් ඩයරිය හැඟීම් ගොඩකින් සම්පූර්ණ කරන්න රෝස පාට ලියුම් කඩදහියට පුළුවන් වුනා.....ඒ කඩදාසිය ෂදිල්ගේ ආදර කතාව අසම්පූර්ණ කරන්න හේතු වුනා වගේම කවදාහරි සම්පූර්ණ කරන්නත් හේතුවක් වෙන්නත් පුළුවන්....

ඊට පස්සේ දවස් ටිකේ තුහිනගේ ඇඩ් කැම්පේන් ප්‍රොපෝසල් එක හදපු නිසා ෂදිල් හුඟාක් බිසී වුනා...යශෝධරාව ආයෙම මුණ නොගැහුන තරම්...ඒක නම් කොල්ලාගේ හිතට සහනයක් වුනා වැඩ ගොඩ ගැහිලා තියෙන වෙලාවේ.....කෙල්ල ආවා නම් ෂදිල්ව කේන්ති ගස්සලා ලොකු බැණුමකුත් අහලා....

අහස්න එක්කත් ලොකු කතා බහක් කරන්න තරම් එයාට හරිහමන් වෙලාවක් ලැබුනේ නෑ...කරපු කතාබහ පවා ඔෆීශියල් දේවල්වලට සීමා වුනා...තුහින රෙහාන් අතර වුන ගැටුම ගැන අහස්නට එයා කිව්වෙත් නෑ...

ඒ විතරක්ම නෙවේ...තුහින සූරියආරච්චි කියන්නේ අළුත් ක්ලයන්ට් කෙනෙක් කියලා විතරයි ෂදිල් අහස්නට කිව්වෙත්.....තුහින කියන මාතෘකාවම ෂදිල්ගේ හිතට ගෙනාවේ අපහසුවක්....තුහින එදා මීටින් එක වෙලාවේ ෂදිල්ව හිතට වැදුනා කියලා කියපු කතාව කොල්ලාගේ හිත ඇතුලේ හොල්මන් කරන්න පටන් ගත්තා....

සිධාරණ්‍ය (Complete)✔️Where stories live. Discover now