ධවලට කට උත්තර නැති වුන නිසාමද මන්දා මනුස්සයා හිටියේ රෙහාන් දිහා කේන්තියෙන් බලාගෙන....රෙහාන්ගේ මූණෙ නම් තිබුනේ නොමැකෙන ජයග්‍රාහී බැල්මක්....
රෙහාන් කියන්නේ තමන්ට ඕන දේ කොහොම හරි ලබාගන්න විදියේ මිනිහෙක්...ඒත් එයාගේ ස්ටයිල් එක වෙනස්.....
ඉතින් එයාගේ අප්පච්චිගෙන් එයාට ඕන වුනෙත් පාපොච්චාරණයක්....ලොකුම ප්‍රශ්නෙකට පැහැදිලි උත්තරයක්.....අවුරුදු ගානක් තිස්සෙ එයා බලාගෙන හිටියා මේ අවස්ථාව ලැබෙනකල්.......
ෂදිල් රෙහාන් ගාවින් ඉඳගත්තේ ධවල දිහාවට බැරෑරුම් බැල්මක් පාකරන ගමන්......එයා ඇත්ත දැනගෙන හිටියත් ධවලට වෛර කලේ නෑ...ඒත් හිතේ යම් පිලිකුලක් තිබුනා....
ධවලව එයාට කොහොමත් රිස්සුවේ නෑ...ඒ කියලා ධවල එක්ක ප්‍රශ්න ඇති කරගන්න ගියෙත් නෑ එයා.......
මේධා ඔසරි පොටෙන් කඳුලු පිහ පිහ අඬනවා....පුතාගේ පෙම්වතිය එක්ක තමන් දේවත්වයෙන් අදහපු ස්වාමිපුරුෂයා දරුවෙක් හැදුවා කියන එක...ඒ දරුවා තමන් මෙච්චරකල් ආදරෙන් බලාකියාගත්තු තමන්ගේ මුණුපුරා කියලා හිතෙද්දී එයාට දරාගන්න තවත් අමාරු වුනා....
මොන වගේ සැර අසාධාරණ ගති තිබුනා වුනත් මේධා දෑලබණ්ඩාර කියන්නේ තමන්ගේ සැමියාට හුඟාක් ආදරෙන් පක්ෂපාතීත්වයෙන් හිටපු කුල කාන්තාවක්.......
ස්වාමියාව ඕනවටත් වඩා විශ්වාස කරපු හොඳ බිරිඳක්.....අන්න එතන වෙන්නැති මේධාට වැරදුන තැන.....
"අප්පච්චී....කන්න වගේ මගේ මූණ බැලුවා කියලා කිසිදෙයක් වෙනස් වෙන්නේ නෑනේ....ඔයාට ඒක කියන්න ගටක් නෑ අද...ඔයාට කියන්න අමාරු දේ අහන්න අපිට කොච්චර අමාරු වෙයිද?.....ඊටත් වඩා අමාරු වෙන්න තිබ්බා නේද ඒ වැරැද්ද කරන්න යද්දී....වෙන අමාරුවක් තිවිලානේ හාමු මහත්තයාට....."
රෙහාන්ගේ අමුතු සරදම් හිනාව.....නෝක්කඩු ස්වරය ධවලගේ කේන්තිය දෙගුණ තෙගුණ කලා.....
"කටවහගන්නවා!!!!!....කට වාචාලයෙක් වගේ කියවන්නෙපා පුතා.....කටට පණ දුන්නේ මෙයා වෙන්න ඇතිනේ...අයෝධ්‍යාව මේ කතාව ඇතුලට ගෙනාවේ ඔයාගේ හස්බන්ඩ්නේ....."

BẠN ĐANG ĐỌC
සිධාරණ්‍ය (Complete)✔️
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - January 29, 2025