ෂදිල්ට තුහිනව ඉස් ඉස්සෙල්ලාම මුණ ගැහුන සිදුවීම ගැන ඇතිවුනේ අමුතුම හැඟීමක්....තුහින බය හැක නැතුව බොහොම මිත්රශීලීව එයා එක්ක කතාබස් කරපු එක ගැන කොල්ලාට පුදුමත් හිතුනා....
ඒ වුනත් පිටරටක කාලේ ගෙවපු එහෙ ඉගෙන ගත්තු කොල්ලෙක්ගෙන් ඒ වගේ හැසිරීමක් පිලිබිඹු වෙන එක අහන්නත් දෙයක් නෙවේ...ෂදිල් හිත ඇතුලෙන් බලාපොරොත්තු වුනා තමන්ටත් ඒ වගේ දඟකාර නිදහස් ජීවිතයක් තිබ්බා නම් කොච්චර හොඳද කියලා....
නමුත් දෛවයේ සරදමට වගේ අවුරුදු විසි දෙකක් වගේ පොඩි වයසකින්ම දරුවෙක්ගේ බර සහ තාත්තෙක්ගේ වගකීම කරට ගන්න එයාට සිද්ද වුනා...එහෙම බැලුවාම අවුරුදු විසි තුන කියන්නේ කසාද බඳින්න පොඩි වයසක් නෙවේ කියලා තුහිනට කියන්නත් කොල්ලාට නොහිතුනාම නෙවේ.....
එකම වයසක ඉන්න අයට වුනත් අහසට පොලොව වගේ වෙනස් ඉරණම් හිමිවෙන්න බැරි නැහැ....
ඊට පස්සේ නම් ෂදිල් තුහිනව දැක්කෙ නෑ එදා දවසටම...එතනින් සතියක් විතරම කාලය ගතවුනේ ෂදිල් රෙහාන් සාමන්ය කතා බහක් ඇති කරගෙන රණ්ඩු සරුවල් නැතුව එක වහලක් යට ජීවත් වෙද්දී....මේ සැනසීම සදාකාලිකද තාවකාලිකද කියන්න නම් ෂදිල්ට තේරුනේ නෑ.....
හැමදාම ගුඩ් මෝනින් ගුඩ් නයිට් කියාගන්න දෙන්නා අමතක කලේ නෑ....ෂදිල් කෑවද බිව්වද කියලා අහන එක රෙහාන් හැමදාම කලා අනිවාර්ය කාර්යයක් විදිහට...එයා එහෙම කලේ හිතේ තිබ්බ වරදකාරී හැඟීමක් වහගන්නද නැද්ද කියලා දන්නේ රෙහාන්ම තමා....
ඒ විතරක්ම නෙවේ ෂදිල් තමා රෙහාන්ට උදේ දවල් කෑම හදලා දුන්නෙත්...රෙහාන් වේලාසන වැඩ ඇරිලා එන දවසට ෂදිල්ට දැන්වුවා...ඉඳලා හිටලා දෙන්නා එකටම ගෙදර ආවා ...වාහනේ එනකම් පොඩි පොඩි දේවල්...හුගාක්ම ඔෆිස් එකේ වැඩ ගැන කතා කර කර තමා ආවේ එයාලා...එහෙම ආපු දාට රෑ කෑමත් රෙහාන්ට හදලා දෙන්න ෂදිල් අමතක කලේ නෑ....
කෑම මේසෙදි වුනත් එයලා අතර ලොකු කතාබහක් නොවුන තරම්...නමුත් ෂදිල්ට දැනිලා තියෙනවා එයාට හොරෙන් රෙහාන් එයා දිහා බලන හැටි....එයා නොදැක්කා වගේ හිටියත් රෙහාන් බැලුවේ උනන්දුවෙන් කියන එක එයාට ඇහැට හසුවුනා....

ŞİMDİ OKUDUĞUN
සිධාරණ්ය (Complete)✔️
Hayran Kurguඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - January 29, 2025