11

160 26 3
                                    


අද ලස්සනම ලස්සන දවසක් . මන් ඩේසි යායේ ඉද්දි ජන්කුකීත් අඇවිත් මගේ එහා පැත්තේ වාඩි උනා . එයා අද එන්න පරක්කු වෙනවා කිව්වනේ චූටි නෝට්ස් ලියන්න ඕනේ කියලා

" ලස්සනයි නේද . ඒත් මෙහෙම ඉද්දි මට බය හිතෙනවා ඊලගට මොනවා වෙයිද කියලා ' මන් කිව්වේ අහස දිහා බලාගෙන .

" මල් දිහා බලන්න . දැන් වෙන දේ ගැන විතරක් බලන්න . අනාගතේ ගැන ඕනවට වඩා හිතුවා කියලා වෙන්න තියෙන හැමදේම නවත්තන්න බෑ නේ  " එයා එහෙම කියාගෙන හිනා උනේ 'ඔයාට පිස්සු 'කියනවා වගේ

ඒ අතරෙදියි මට එයාගේ බෑග් එකෙන් එලියට ආපු ලයිටර් එක නෝට් උනේ . මෙයාට මොකටද ලයිටර්ස් .

" ජන්කුකී " මන් ලයිටර් එක මගේ බෑග් එකට හිමින් දාගෙන එයාගේ අතින් අල්ලගද්දි එයා " ස්..ආහ් " ගෑවා . එයාට අඇයි රිදුනේ .

බැලිම් නම් අතේ මැනික් කටුව ගාව පිච්චිලා හොදටම . මන් අඇයි කියලා අහන්න ගියට් එයා ඒක ගැන කතා කරන්න අකමැති ගතියක් දැනුනා . පිච්චීම් නම් ඕන විදිහකට වෙන්න පුලුවන් නේ නේද .

" ඒක නෙවේ ජන්කුකී . ඔයාට පුලුවන් උනොත් පන නැති දෙයක් වෙන්න ඔයා මොනාද වෙන්නේ . මන් නම් ගලක් වෙනවා . කිසිම වේදනාවක් නෑ නේ " මන් එහෙම කියලා බැලුවේ එයා දිහා .එයා හිනා වෙනවා

" මන් වතුර වෙන්නම් " එයා එහෙම කිව්වා . ඒකත් මරු . ඒත් එතකොටයි මට මතක් උනේ

" ඒත් වතුරෙන් හැම ජරා දේම සෝදනවනේ . " ම්න් එහෙම කියලා මූන අකුලුවාගත්තා

" දෙහ් . වතුර ලෝකෙන් එන හැම නෙගටිව් දෙයක්ම දරාගෙන ලෝකෙට වැදගත් දෙයක් දෙනව නේ " එයා එහෙම කියලා ඉස්සරහා බලාගත්තා . ඕනවට වඩා අහින්සක වෙන එක මෝඩ වැඩක් කියලා මට හිතෙනවා . ඒත් මට තේරෙන විදිහට එයා සතුටින් ඉන්නවා අපි හැමෝටම වඩා .

" ඒක වැඩක් නෑ . අපි දෙන්න එකිනෙකාව දැනෙන විදිහ වෙනම බාශාවකින් කියාගමුද ? " මන් එහෙම කියද්දි එයා එක පාරටම උත්තර දුන්නේ හිතන්නවත් වෙලාවක් නොදී .අඇත්තටම මටයි ඕනේ උනේ මට දැනෙන විදිහ එයාට කියාගන්න

"Tú mo Anamcara" එයා එහෙම කියලා බනී ටීත් පෙන්නගෙන හිනා වෙන ගමන් මන් දිහා බැලුවේ මගේ උත්තරේ දෙනකන් .

" mon béguin" මමත් උත්තර දුන්නේ ජන්කුකීගේ මූනේ වැදුන primrose මල් පෙත්ත දිහා බලාගෙන . මන් විශ්වාස කරනවා එයාට තේරුනේ නෑ කියලා .

" අනේ ජන්කුකී. මොන බාශාවද ඒ  . ආපහු පාරක් කියන්නකෝ " මන් එයාට වද දුන්නා තේරුම දැනගන්න . ඒත් එයා කිව්වේ ඒක කිව්වොත් තේරුම හොයා ගන්නවා කියන එක .

අයිශ් මේ හා කොල්ලට දෙන්න හිතයි පස්සට

" අපි යමුද අයිවි . වැස්සොත් යාගන්න වෙන එකක් නෑ "

එහෙම්මම මාව උස්සලා පුන්චි ගැටිත්තෙන් එහාට ගිහින් තිබ්බේ ලස්සනට හිනා වෙන ගමන් . එයා හරියට day dream එකක් වගේ . මගෙන් අඇහුවොත් එයා ගැන කියන්න කියලා මන් කියන්නේ එයා ' ගැහැනු කෙනෙක් අතින් ලියවුම පිරිමි චරිතයක් ' කියලයි .

ශක්තිමත් ඒත් කරුනාවන්තයි

Anam cara | JJkWhere stories live. Discover now