🌿13 හමුව🌿

8.5K 1K 695
                                    

නෙතිල්ගේ ඇමතුමෙන් පස්සේ වගේම රෙහාන්ගේ කෙටි පණිවිඩයෙන් ෂදිල්ව කම්පනයට පත්වුනා නොසෑහෙන්න...එයාව උභතෝකෝටික ගැටළුවකට මැදිවුනා...

නෙතිල්ගේ හැසිරීම දන්න නිසා නෙතිල්ව බලන්න ගිහින් කොල්ලගේ හිත හදන්නත් එයාට ඕන..ඒ වගේම රෙහාන් එක්ක පික්නික් එක යන්නත් එයාට ආසයි පුතාවත් අඬගහන්....රෙහාන්ම කරපු යෝජනාවක් නිසා මේක කොල්ලාට ලැබුන කදිම අවස්ථාවක්.....

රෙහාන්ට නෙතිල්ව බලන්න යමු කිව්වොත් එයා එකපාරම බෑ කියන බව ෂදිල් දන්නවා...ඒ වගේම රෙහාන්ව කෝමහරි කැමති කරගෙන නෙතිල්ගේ මැච් එකට ගියොත් ඒකටත් නෙතිල් අප්සෙට් යන බව ෂදිල් හොඳාකාරවම දන්නවා....නෙතිල්ට ඕන ෂදිල් තනියම එන්න....

එයාලගේ වෙඩින් එක දවසෙදි පවා රෙහාන් නෙතිල් ගැටුමක් ඇති නොවී බේරුනේ අනූ නවයෙන්....නෙතිල් දන්නවා රෙහාන්ගේ කේන්තිය අවුස්සන්න ඕන කොහොමද කියලා...රෙහානුත් ඇවිස්සිලා යනවා....දෙන්නාට දෙන්නා හැසිරෙන්නේ ජන්මාන්තර වෛරක්කාරයෝ ගානට....

රැවුලයි කැඳයි දෙකම බේරගන්න විදිහක් ෂදිල් කල්පනා කලා....හස්බන්ඩ්වත් ඕනා...මල්ලිවත් ඕනා...නෙතිල්ගේ හිතුවක්කාර හැසිරීමට ෂදිල් මනාප නොවුනත් නෙතිල් එයාට කැමති දේ කරගන්න ඕනම තුරුම්පුවක් ගහන්න දෙපාරක් නොහිතන කොල්ලෙක් බව ෂදිල් හොඳාකාරවම දන්නවා....අන්න එතනයි ෂදිල් අසරණ වෙන්නේ....

ෂදිල් රෙහාන් එවපු ලින්ක්ස් වලට ගිහින් බැලුවා...එයා එවලා තිබ්බේ නුවරඑළියේ හොටෙල්ස් කීපයක්...පුතාටයි රෙහාන්ටයි එයාටයි එයාලගේ බැඳීම් තරකරගන්න මේක කදිම අවස්ථාවක්...අතෑරුනොත් මහා අපරාධයක්....රෙහාන් ෂදිල්ට ආදරය කරන්න උත්සාහ කරනවාවත්ද?...ආදරයක් නැතත් ලෙන්ගතුකමක් හරි එතන තියෙනවාද?....

රෙහාන් එවපු මැසේජ් එකට ෂදිල් රිප්ලයි කලා තැන් දෙකක් සිලෙක්ට් කරලා...මේ අතර නෙතිල් එයාට ඊමේල් කරලා තිබ්බා මැච් එකට VIP ටිකට්....ඒක දැක්කාම ෂදිල්ගේ හිත ගැස්සුනා....නෙතිල් මැසේජ් කරලාත් තිබ්බා...ෂදිල් හිටියේ ඒ පණිවිඩ නොදුටු ගානට...එයාට තව කල්පනා කරන්න ඕන....

රෙහාන් නැතුව රැයවල් කීපයක් ෂදිල් ගෙදර ගත කරලා තිබ්බාත් දෙන්නා අතර යහපත් සම්බන්ධයක් ගොඩනැගීගෙන එන මේ වෙලාවේ රෙහාන් නැති අඩුව ෂදිල්ට ලොකුවට දැනුනා....ඉතින් අද ඒ විදියට ගෙවෙන පලවෙනි රැයයි....එක කාමරේ නිදා නොගත්තත් එක වහල යට හිනාවෙලා වචන හුවමාරු කරගෙන ගෙවන ජීවිතය කොල්ලාට අස්වැසිල්ලක්....

සිධාරණ්‍ය (Complete)✔️Wo Geschichten leben. Entdecke jetzt