අඩෝ නැකිටපිය නිදි ගුල්ලෝ....
යනවකෝ මල වදේ නිදා ගන්න දීලා, ම්හ්ක්...
අනේ...නැගිටිනවකෝ මල්ලි....
මොන වදයක්ද අප්පා...අද සෙනසුරාදා නේ...මොන මගුලකටද? මට බෑ... මං නිදි...
මේ, නැගිනවකෝ අනේ...අම්මා කිව්වේ නැගිට්ටවන්න කියලා... මං දන්නෑ එහෙනම්... මං ගිහින් කියන්නම් ගොං පැටියා නැගිටින්නේ නෑ කියලා....
ඒ... ඒ...අක්කේ ඉන්නවා ඉතින්...මොකද අම්මා කතා කරන්නේ?
මම දන්නෑ... ගිහින් අම්මගෙන්ම අහගන්නවා....
මොකද්ද ඕයි...කියනවකෝ...තමුසේ දන්නවනේ බොරුවටනේ අම්මගෙන් අහන්න කියන්නේ...
මම දන්නෑ, ගිහින් අහගන්න එකයි ඇත්තේ...
හුම්...දුෂ්ටි...
මං කොහොමත් දුෂ්ටයි තමයි. දැන් සතුටුයි නේ?
අනේ යනවා යන්න හලෝ...
යනවා තමයි, මං මේකේ පැල වෙන්න ආවෙ නෑ...
යැයි යැයි තමයි...
දෙනවා මං තොට දෙකක්...හූන් පැටියා...
බ්ලෑහ්....
ළඟ තිබුණු කොට්ටෙන් ගහලා මම කුස්සියට දිව්වෙ අක්කත් මගේ පස්සෙන් එලවගෙන කුස්සියට එද්දි....
ගුම්මොනිං අම්මියෝ....
ගුඩ් මෝනිං....මොකද මේ දෙන්නා උදේ පාන්දරම මරා ගන්නෙ?
කවුද මේ අපි?
නැතුව ඉතින් මමයි තාත්තයිද?
පික්කුද අනේ, අපි දෙන්නා මේ ඉන්නෙ කිරියි පැණියි වගේ. නැද්ද අක්කේ....
හ්ම්...
අම්මා මොකද උදේම මරා ගන්නෙ කියලා ඇහුවම මම අක්කගේ කරට අතක් දාගෙන අපි මොකුත් කරේ නැති හොඳ සහෝදර ප්‍රාණීන් දෙන්නා වගේ හිටියේ නැත්නම් අම්මගෙන් උදේ පාන්දරම දේශනා අහන්න වෙන නිසා...කොච්චර මරා ගත්තත් අපි දෙන්නා ඉතින් ජාඩියට මූඩිය වගේ තමයි...
මේ ඉන්නේ මගේ අක්කා. ගනන් ගන්න එපා එයා ඔය වගේ තමයි. කෙල්ලෙක් උනාට මොකද මෙයාගෙ වැඩ තනිකරම කොල්ලෙක් වගේ. කොටට කොණ්ඩේ කපලා කොව්වෙක් වගේම අඳින මෙයා කරන්නෙත් කොලු වැඩම තමයි.
YOU ARE READING
We met again (Yizhan ff💯✅)
Fanfictionකාලයේ වැලි තලාවෙන් සැඟව ගිය ආදරණීය දෙහදක සංසාරගත ප්‍රේම වෘතාන්තය 💚❤️