1. The second young master

1.5K 116 28
                                    


වර්ෂ 1991_

එංගලන්තයේ ලන්ඩන් අගනුවර_

එංගලන්තයේ ලන්ඩන් අගනුවර_

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*plink *.............

මෙතෙක් වේලාවක් නිහඬ බව ම අරක් ගත් වටපිටාව එක ක්ෂණයකට වතුර බිඳුවක හඬින් සියුම් ම සියුම් දෝංකාරයක් ඇති කළේය.


හිරු එළිය පේන තෙක් මානයක වත් නොවූ මන්දාරම් වටපිටාව ගොතික් ගෘහනිර්මාණ ශිල්පයෙන් බිඳක් හෝ බැහැර නොවන ලෙස නිමවා තිබූ පැරණි විශාල මන්දිරයේ තුන්වන මහලට අයත් සඳලුතලය තවත් සීතල කර තිබුණේ ශීත කබා දෙක තුනක් එකවර ඇන්දත් ඒවා විනිවිද යන අයුරිනි.


වරින් වර හමාගෙන එන සුළඟ සඳලුතලයේ කැටයම් සහිත අලංකාර අත්වැටෙහි තිබූ රතුරෝස මල්වල පෙති එකක් හෝ දෙකක් ගලවා දැමූයේ කිසිඳු අවසරයක් නැතිවම ය. එහි බිම විසිරූ රටාවක් මෙන් ඒවා වැටී තිබියදී නිදහසේ පාවී ගිය එක පෙත්තක් වැටුණේ දිගහැර තිබූ පොතක පිටුවක් මතට ය.


මොහොතක් එයට පොතේ පිටුව මත විරාමයක් ගන්නට හැකි වුවත් ඊළඟ මොහොත වන විට රෝස පෙත්තක් තරම් ම රත්පැහැ නොවූවත් එතරම් ම සිදුමැලි වූත් ලා රෝස පැහැ ඇඟිලි තුඩු දෙකක් අතර සිරවූයේ එයටවත් නොදැනෙන තරම් ප්‍රවේශමිනි.

ඇත්තෙන් ම එහි කිසිදු මනුෂ්‍ය ප්‍රාණියෙක් නොසිටියා නොවේ...


හෝරා ගණනක් තිස්සේ ම සඳලුතලයේ තබා ඇති තරමක් ලොකු සෝපාවෙහි තරුණයෙකු වාඩිවී සිටියේය. ඔහු පසෙකින් වයලීනයක් තිබූ අතර මෙතරම් සීතලෙත් කිසිදු පාවහනකින් හෝ ශීත කබායකින් ආරක්ෂා නොවී කලවා තෙක් පමණක් දිගු වූ ගුරු පැහැයට හුරු දුහුල් කමිසයකින් සැරසී සිටියේය.

නිරුවත් වූ හදවත් [ Yizhan ] ✎by-saaki ✔️Where stories live. Discover now