5.The law of love

787 115 54
                                    

[NSFW ⚠️ ]


රෝස සහ වැනිලා සුවඳ ගැල්වූ ඉටිපන්දම් වලින් මන්දාලෝක වූ අඳුරු නිදන කාමරය තුළට රැයක් නොවූ රාත්‍රියක් උදා වී තිබියදී රතුපැහැ කාල වර්ණ ඇඳ ඇතිරිලි මැද වැටුණු සියුමැලි සුදුරෝස පෙත්තක් හැඩිදැඩි සිත්තරෙකුට හසු වී තිබුණි.

හිසට ඉහළින් විහිදාගත් දෑතින් ද මඳක් නැවූ දණහිසෙන් යුතුව පහළට දිගුකොට තිබූ පාද වලින් හා ව්‍යාකූල වූ මනසින් තමා දෙස අඩවන්වූ දෑසින් බලා සිටින දෙවන තරුණ ස්වාමියා දෙස බැලීමට මොහොතක් ගතකළ වින්ඩ්සර් ස්වාමියා ඔහුගේ කොපුලකට හාදුවක් තබා සයනයෙන් බැස නාන කාමර...

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

හිසට ඉහළින් විහිදාගත් දෑතින් ද මඳක් නැවූ දණහිසෙන් යුතුව පහළට දිගුකොට තිබූ පාද වලින් හා ව්‍යාකූල වූ මනසින් තමා දෙස අඩවන්වූ දෑසින් බලා සිටින දෙවන තරුණ ස්වාමියා දෙස බැලීමට මොහොතක් ගතකළ වින්ඩ්සර් ස්වාමියා ඔහුගේ කොපුලකට හාදුවක් තබා සයනයෙන් බැස නාන කාමරය වෙත ගියේය.


නැවත ඔහු පැමිණියේ කුඩා ප්‍රමාණයේ වීදුරු බෝතලයක් රැගෙන වූ අතර එහි වූයේ ලැවෙන්ඩර් තෙල් ය. ව්‍යාකූල මනසට එම සුවඳ අගනා ඔසුවක් බව දැන සිටි ඔහු එයත් රැගන ම සයනයට ගොඩවූයේ තරුණ ස්වාමියා ඒ දෙස බලා ප්‍රශ්නාර්ථයක් මුසු වූ බැල්මකින් නැවත ඔහු දෙස බලද්දී ය.


එයට සුපුරුදු ලෙස කිසිවක් නොපැවසූ වින්ඩ්සර් ස්වාමියා මුව කොණින් සිනහවී තෙල් සහිත බෝතලය විවෘත කර එයින් බිඳුවක් පමණ අත්ලට ගෙන එය සයනය අසල තිබෙන කුඩා උස මේසය මත තැබුවේය. 

අත්ලෙහි තිබෙන ලැවෙන්ඩර් තෙල් බිඳුව දෙඅත්ලෙහි ම තවරාගත් ඔහු දෙවන තරුණ ස්වාමියාගේ බඳ අසලින් අනෙක් පසට දණ තබා ඔහුගේ සිරුර මතට පැමිණියේ තම ශරීරයේ බර කිසි සේත්ම ඔහුට දැනෙන්නට නොදෙමිනි. 

ඔහුට මේ වන විටත් පණගසා තිබෙන දෙවන තරුණ ස්වාමියාගේ යටිකයෙහි උණුසුම හොඳින් දැනුණත් ඔහු තමාව පාලනය කරගැනීමට සමත් වූවේ නමුදු දෙවන තරුණ ස්වාමියා ඔහුගේ උණුසුම නිසා හුස්ම ගැනීමට ද අපහසුවෙන් ඇඳ ඇතිරිලි පොඩිකර දැමුවේය.

නිරුවත් වූ හදවත් [ Yizhan ] ✎by-saaki ✔️Donde viven las historias. Descúbrelo ahora