එය ඉටිපන්දමකි...
අන්ධකාරයේ ගිලී තිබූ කාමරය ඒ කුඩා ආලෝකයෙන් එළිය වී ගියේ මෙතරම් වේලා තමාට දැකීමට තහනම් වූ මෙතෙක් කල් දැකීමට අවැසිව තිබූ ඒ රුවය.
දුඹුරු පැහැ හිසකෙස්,
අගින් බොහෝ සිහින් වූ හේසල් පැහැ දෑස් වලින් සහ ඔප මට්ටම් කළාක් වැනි නිකට ද පමණටත් වඩා ඉදිරියට නෙරා තිබූ උගුරුගැටයත් පළල් වූ උරහිස් සහිතව ශක්තිමත් බාහු මනා ලෙස දෙපසට බෙදී ගිය මස්පිඬු සහිත පපුව සහ ඉනෙන් පහළට විහිදී ගිය කැපී පෙනෙන රේඛාවන් ද්විත්වය හා නාභියෙන් පහළට ඇඳී ඇති සියුම් රෝම සහිත රේඛාව....
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කඩවසම් දේහධාරී පුරුෂයෙකු වූ වින්ඩ්සර් ස්වාමියා රතුපැහැ ඉටිපන්දමක් රැඳවූ රඳවනයක්,
ලිහී යාමට ආසන්න ලෙස බැඳ දැමූ බඳපටියකින් යුතු කළුපැහැ කබායකින් සැරසී නිරාවරණය වූ පපු ප්‍රදේශය ඍජුව තබාගෙන තමා ඉදිරියේ සිටගෙන සිටියේය.
Leo Ethan Windsor - Age 47
ඒ ඔහුය............
සීන්ගේ වයසින් දෙගුණයක් හා තවත් එක් අවුරුද්දකින් වැඩිමල් වූ ලියෝ කලකට පෙර ඔහුගේ නීත්‍යානුකූල භාරකාරයා ලෙස ඉදිරිපත් වූ තැනැත්තාය.
ලියෝ ස්වාමියා හට සීන්ගේ රුව ඒ අයුරින් දැකීම විශ්මයට කරුණක් නොවූවත් සීන් හට තම ස්වාමියා රුව මෙලෙස දැකීම නිසා දෑසට කඳුළු උනා තිබුණි. ඔහු මේ කඩවසම් රුව දැකීමට පස් වසරක් බලා සිටියේය.
DU LIEST GERADE
නිරුවත් වූ හදවත් [ Yizhan ] ✎by-saaki ✔️
Fanfictionඉතින්, දැන් උඹ දන්නවද ආදරේ නීතිය... ම්ම්ම් !!!