🌼🌼🌼🌼🌼 පෙති ගෝමරී 🌼🌼🌼🌼🌼
🌼 දෙවනි දිගහැරුම පිපෙන්නට අවසරයි. 🌼
දෙවියනේ ඒ ආපු රුව දැකලා හුස්ම ගන්නත් අමතක වෙන එක පුදුමයක් නෙවෙයි. මොකද මං මීට කලින් ඒ වගේ කඩවසම් කුමාරයෝ ගැන අහලා තියෙන්නේ සුරංගනා කතා වල විතරමයි. එයා ඒ තරම්ම හැන්ඩියෙක්. කලු පාට දිග ට්‍රව්සර් එකට , පීච් පාට අත්දිග ෂර්ට් එකක් ඇඳලා. යට හරිය නමපු අත වැලමිට ගාවට එනකම් ඇදලා . මුළු කොණ්ඩෙම වැක්ස් කරලා උඩට උස්සලා. ඒ එක කෙස් ගහක්වත් ඒකට අකීකරු වෙන්නේ නැතුව ගානට . වම් අතට දාපු කලු පාට වොච් එකයි , මූණ බලන්න පුලුවන් තරම් දිලිසෙන සපත්තුයි එයාට නම් ගානට ගැලපෙනවා. ඊටත් වඩා බටර්පාට හම, රෝසපාට තොල් දෙක , දුඹුරුපාට ඇස් දෙක. ගානට වවපු රැවුල. ඇත්තටම එයාට කුමාරයෙක් කියන්න මොනාද අඩු ?
අන්තිමට ලැබ් එක ඇතුලට ආපු එයා අපි තුන්දෙනා දිහා බැලුවේ පුදුමෙන්. ම්ම් නෑ නෑ. මට වැරදුනා. අපි දිහා නෙවෙයි. මං දිහා. ඔව් මං දිහා එයා බැලුවේ පුදුම වෙලා මං දිහා. මං දැක්කා ඒ ඇස් මං දැක්ක පලවෙනි තත්පරේම ගැස්සුන හැටි.
එක අතකට ඒක පුදුමෙකුත් නෙවෙයිනේ. කැත කලු මං දිහා ඕන කෙනෙක් බලන පලවෙනි තත්පරේම බයවෙලා බලන එක පුදුමයක් නෙවෙයිනේ. හිත අස්සෙන් හීන් රිදිල්ලක් දැනුනත් මං එහෙම්මම බැලුවේ මැඩම් දිහා. අපිට වාඩි වෙන්න කියලා අතින් සන් කරපු මැඩම් අපි ගාවට ඇවිත් හිට ගත්තේ.
" අදත් මේ ළමයි තුන්දෙනා විතරයිද නිමාලි මිස් ඉන්නේ. ?" මැඩම් ඒකනම් ඇහුවේ ටිකක් සද්දෙට වගේ.
" ඔව් මැඩම්. අනිත් ළමයි සතියෙම ක්ලාස් යන නිසා එන්නේ නෑ. මේ ළමයි තුන්දෙනා විතරයි හැමදාම එන්නේ. "
" හ්ම් " හරි කමක් නෑ මිස්. " මැඩම්ගේ ඒ පාරනම් හඬ නිවිලා වගේ.
" පුතාලා දන්නවනේ ප්‍රියංගිකා මිස් ප්‍රෙග්නට් නිසා එන්න විදිහක් නෑ කියලා. ඒ වුනාට ඒ පීරියඩ් එක කට් වෙන්නත් දීලා බෑනේ . නේද මිස් ? තව එක්සෑම් එකට මාස හයයි වගේනේ. මැඩම් අහද්දි නිමාලි මිසුයි , චාමර සර්යි එකට ඔලුව හෙලෙව්වේ.