03

813 105 0
                                    

" පෙරියමුල්ල speciality නානගේ කොත්තු

හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු

කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ

ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ"

"කමෝන් සවුදමා ගැම්මෙන් කියපන් . කඩුවෝ අල්ලපන් ඕකට හොද බෙලෙක්ක පාරක් "

"වැල්ලේ දැමිමෙ ඔට්ටු

ஒன்ரு இரன்டு மூன்ரு"

"යේක සරී"

"ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ

නුවර feels වගෙ මෙහෙ plus තව beach

හිත නිදහස් මට මාර කොල්ලෝ peace"

කොමස් බිල්ඩිමේ 13 පන්ති පැත්තෙන් ඇහෙන සද්ද නිසා පඩිපෙලේ හිටපු කොල්ලා තේරුම් ගත්තා අද ස්ටාෆ් මීටිම නැගල ගිහින් තියෙන බව..

හදිසියේම ආට් කොමස් මැඩම්ලා ටිකට මීටිමක්. පන්ති බාර දීපු ප්‍රිෆෙක්ට්ලා ටික ආතල් එකක් ගන්නවා..

" එස්කියුස් මී... "

බජාර් එකට ඒ සද්දෙ ඇහුනෙ නැති නිසා කොල්ලා දෙවැනි පාර කතා කලේ වැඩි සද්දෙන් .

" මොකෝ මල්ලි  උබේ කට සද්දෙ? අඩෝ කවුද ඩෝ මේ.. අපේ එකෙක් නෙවෙයි නේ.. 12 කොමස් එකෙක් ද?"

" මම ආට් එකේ.. විවේන් අයියාව හම්බවෙන්න ආවේ"

තවමත් සද්දෙ ඇහෙනවා . මුන්ට කවුද ඕයි ඉස්කෝලෙ විනය බාර දුන්නෙ . බැජ් එක පුකේ ගහගත්‍තානම් හරි..

" විවේන් මොකාද ඔයි.. අපේ පන්තියේ එහෙම එකෙක් නෑ. පල පල පාර වැරදිලා බොට"

" හෙඩ් ප්‍රිෆෙක්ට් විවේන්ත් කේසර ! මට එයාව හම්බවෙන්න ඕනේ"

ඒ සද්දෙ ටිකක් වැඩිපුර ඇහුනද මන්දා හොරෙන් ගෙනාපු ෆෝන් එකෙන් ආපු රැප් එකත් නවත්තලා කෙලින්ම ගේමට බැස්සේ හොයන් ආපු මිනිහා

" ඔව් ඒ මම.. මොකක්ද කාරණාව ?"

" තනියම හම්බවෙන්න ඕනේ. මේ වෙලාවෙ ස්ටාෆ් මීටිම තියෙන්නේ හෝල් එකේ.. ලයිබ්‍රි එකේ දී හම්බවෙමු.. හරියටම 6වෙනි පීරියඩ් එකේ"

6 වෙනි පීරියඩ් එකේ තියෙන්නේ බිස්නස් . තව විනාඩි 25කින් පටන් ගන්නවා ..

කොල්ලා එහෙම කියලා පිටුපස නොබලා හැරිලා යන්න හැදුවත් කුතුහලය පිරුණු විවේන්ත්ගෙ කටහඬ නිසා ආයෙ නැවතුනා

හැබැයි හැරුනෙ නෑ..

" උබ කව්ද මට ඕන දේ එපා දේ කියන්නේ ?"

කෙට්ටු කොල්ලා මීට වඩා කෑ ගහන නරි දැකලා තියෙනවා ...

" මාස 6ක් තිස්සේ උබ හොයන කෙනා "

***

"මොකක්ද සීන් එක මල්වරා?"

විවේන්ත් කේසර .. ජිම් ගිහින් හදාගත්ත ෆිට් බොඩියක් තියෙන රගර් ටීම් එකේ කැපා..

ඩීසන්...

අත් දිග ශර්ට් එක වැලමිට වෙනකම් නවලා ඉස්කෝලෙ බැජ් එකට එකතු කරපු දම්වැල් 3නිසා ලැබුණු පට්ටම..

වට් ද ෆක්!!!

මෙන්න උඩරට රජවරුන්ගෙ නියම ජෙන්ට්ල්මන්.. පොඩ්ඩක් ඉන්න මොකක්ද ඒකට කියන සිංහල නම...

මොකක් හරි වටෙවර්!!

" මන් ආවේ ඔයාට මේ වැඩේට පොඩි උදව්වක් කරන්න "

"මෙච්චර කාලෙකට පස්සේ එලි බහින්න හිතුනේ"

" ඒක උබට අදාල දෙයක් නෙවෙයි .. මගේ කාටූන් එක මම උබට පැහැදිලි කරනවා.. උබ ඉස්කෝලෙ ලොකු උන්දැලාට කියලා ඒක විසදනවා. එච්චරයි "

" ගරු කරලා කතා කරපන් . මම මෙතන ඉන්නෙ හෙඩා විදිහට "

" ගරු කරන්න තරම් මගේ විනය හොද නෑ.. ඒ නිසා "අයියා" මට උදව් කරපන් . ඒ ඇති "

කෙට්ටු ඒත් පියකරු මුහුණක් තියෙන කොල්ලා හිතන තරම් අහිංසක නැති බව විවේන්ත්ට තේරුනේ එතකොට .

කොල්ලාගේ රූපයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ආත්මයක් ඇග ඇතුලේ හැංගිලා තියෙනවා ...

" හරී එහෙනම් .. එකින් එක කියපන්. උදව්ව කරන්න ඕන කොහොමද කියලා තීරණය කරන්නේ මම"

ඉස්කෝලෙ ඕන තරම් සියුමැලි කොල්ලො ඉන්නවා. දරදඬු කොල්ලොත් ඉන්නවා .. කොල්ලො 10000කට වඩා ඉන්න එක එක තරාතිරමේ කොල්ලො මැනේජ් කරන්න විවේන්ත් දන්නවා ....

ඒත් මල්වරා වෙනම සබ්ජෙක්ට් එකක්!!!

මල්වර පිරිමි || BL  ✓Where stories live. Discover now