මැණිකේ!!!!!
එම වදන් පෙළ ඇසීමත් සමග මාගේ හද ගැස්ම දෙගුණ තෙගුණ වූයේ මාගේ ද අවසරය නොපතමිණි අකීකරු නෙත් සමස්ත ගුවන්තොටුපළ තුළම සංමන් කළේ හුරුපුරුදු රුවක් දැකගැනීමේ අපේකාවෙශිනි එහෙත් එවැනි රුවක් ගුවන්තොටුපළ තුළ නොවීය මා අසලින් පවනට බදු වේගයකින් දිව ගිය එක් තරුණියක් මා පිටුපසින් පැමිණි තරුණයකුගේ ගෙළවටා බැදෙනු මා දුටුවේ ඒ අතරතුරය එම ආමන්ත්රණය මා සතු නොව ඔහු සතු වූවාක් බව මා හට වැටහුනේ ඉන් පසුවය
අවසානයේ පස්වරු 6 පමණවන විට නැවත මා හට මාගේ මාතෘ භූමිය වූ ශ්රීලංකාව තුළට පය තැබීමට හැකිවිණි ඉදිරියට ඇදීමට පණ නැතීවක් මෙන් මාගේ පාදයන් එකෙනෙකට පූට්ටුව ගැසෙන අන්දම මා හට දැනිනි දෑසෙහි වූ විශාල කදුළු බිදුව ටයිල් පොළොව මතට පතිතව විසිරිනි මා මේ කදුළු සලන්නේ දොම්නසට නැත්නම් සොම්නසටද යන්න මා හටද හරිහැටි අවබෝධයක් නොවිනි
අසීරුවෙන් හෝ සෙමි සෙමින් අඩි තබා මා ඉදිරියට ගියෙමි ඉදිරියට පාදය තබනා තබනා වරක් පාසා අතීත මතකයන් හදෙහි වෙළෙන්නට විය මා අමතක කර දැමූ ඇතැම් සිද්දීන්ධ මෙම භූමියෙහි වූ වාතය සමග මිශ්ර වී නැවත නැවුම් විය මා මෙහින් නික්ම ගිය දිනයට වඩා මේවන විට බොහෝ සෙයින් මෙම ගුවන්තොටුපළ වෙනස් වී ඇත මිනිත්තු 30කට පමණ ආසන්න කාලයක් තුළදී කටුනායක ගුවන්තොටුපළින් පිටතට පැමිණීමට මා හට හැකි විය පිටතට පැමිණි මා ඒ මේ අත පරික්ශාකරන්නට වූයේ නවාතැන්පොළ වෙත යාම සදහා කුලී රථයක් නවතා ගැනීමේ අපේක්ෂාවෙනි
එක් වරම මා දෙසට පැමිණෙන්නට වූයේ තරමක් මැදිවියෙහි පසුවූ පිරිමි පුද්ගලයෙකි මා ඉදිරියේහි සිට ගත් ඔහුට මා සුහද ලෙස සිනහවකින් සංග්රහ කළේය
YOU ARE READING
Promise - සංසාර ♡
Teen Fiction" කිසිදු දිනක හිමි නොවන බව දැන දැන පෙම් කළ ඇයත් සැමදා සහෝදරකමින් ඔබ්බට නොගිය ඇයත් හදෙහි හැගීම් මැරිගිය පසුවත් යළිත් ඇයටම එම හැගීම්වලට පණ දිය හැකි වුවහොත් ඇය එම හදවත කෙසේ බලාගනිවිද ඔවුන්ගේ දෛවය ඔවුන් ඉදිරියේ කෙසේ පෙනී සිටීවිද ? " හිමි අහිමි අසම්මත...