පෙර දින පොරොන්දු වූ ලෙසම උදෑසනින් ලක ලෑස්ති වූ මා ඇණි අම්මාගේ ඇනුම් බැනුම් මධ්යයෙම ටෙහාන්ගේ නිවස බලා පිටවීය තවද වම් හස්තය නිසි ලෙස සුව නොවී තිබූ නිසාවෙන් ඇණි අම්මා මා හට විජේසිරි අංකල් කැටුව යාමට යැයි පැවසුවද මා එය ප්රතික්ෂේප කරනු ලැබූවේ මෙම ගමන රහසිගතව සිදු කළ යුතු යැයි මා හද මා හට අණ කළ නිසාවෙනිහෝරා දෙකකට පමණ ආසන්න ගමනෙහි ගමනාන්තය වූයේ මහ මාර්ගය අසල වූ එක් සුවිසල් නිවසකි එය මන්දිරයකට සම වූ තෙමහල් නිවසකි අහස් කුසට බැද තිබූ බිත්ති ආවරණ නිසාවෙන් නිවස හරි හැටි නොපෙනුනද එහි උඩු කොටසෙහි වූ ශ්වේත වර්ණ තීන්ත නිසාවෙන් එය ස්වේත පැහැයෙන් වර්ණ ගන්වන ලද මන්දිරයක් යැයි මම අනුමාන කළෙමි
මෝටර් රිය මාර්ගය අසල නතර කළ මා ඉන් බැස ගේට්ටුව දෙසට පියමනින්නට විය එහි වූ විදුලි සීනුව නාද කළ මා කවුරුන් හෝ අපෙක්ශාවෙන් එහි සිටින්නට විය ස්වල්ප මොහොතකට පසු ගේට්ටුව විවර වූ අතර ඉන් පිටතට පැමිණියේ මැදි වයසෙහි පමණ පසු වූ පිරිමි පුද්ගලයකි ඔහු හැද සිටි වස්ත්රයන් නිසාවෙන් ඔහු මෙහි ආරක්ෂාකරු බවට මා හට වටහා ගැන්මට හැකිවිය මාගේ කේශාන්තයේ සිට පාන්දාන්තය දක්වා නිරික්ශනය කළ පසුව ඔහුගේ හඩ විවර විය
" මේ මිස් කවුරු හම්බෙන්නද "
" මිස්ටර් ටෙහාන් රණසිංහ "
" සර්නම් ඉන්නවා....මම කවුරු ඇවිත් කියලද කියන්න ඕන මිස් "
" ආශාක්යා ජයසිංහ කියලා කියන්න "
මා ඔහුගේ පැනයට පිළිතුරු දුනි නැවත මා දෙස මොහොතක් බලා හුන් ඔහු නිවස තුළට පියමැන්නේ මොහොතක් මෙහි රැදි සිටින මෙන් ආයාචනා කරමිනි
YOU ARE READING
Promise - සංසාර ♡
Teen Fiction" කිසිදු දිනක හිමි නොවන බව දැන දැන පෙම් කළ ඇයත් සැමදා සහෝදරකමින් ඔබ්බට නොගිය ඇයත් හදෙහි හැගීම් මැරිගිය පසුවත් යළිත් ඇයටම එම හැගීම්වලට පණ දිය හැකි වුවහොත් ඇය එම හදවත කෙසේ බලාගනිවිද ඔවුන්ගේ දෛවය ඔවුන් ඉදිරියේ කෙසේ පෙනී සිටීවිද ? " හිමි අහිමි අසම්මත...