කලු නෝටි කෙල්ල
ස්විටි මැණික මාගේ
මං ඔන්න ආවා
උම්මා උම්මා ඕනේ
කලු නෝටි කෙල්ල
ස්විටි මැණික මාගේ
මං ඔන්න ආවා
උම්මා උම්මා ඕනේඅයිම් යුවොර් ස්විට් මැණකේ
අයිම් යුවොර් ස්විට් මැණකේඋබ නැති දිපේ
රස නෑ නෝනේ
තුරැලට පැනපන් මාගේ
පපුවම මාගේ ගින්දර වගේ
මං හරි හැන්සම් නෝනේරෝමියෝ ජුලියට් වාගේ අපි දෙන්නා
මයේ කලු කෙල්ලේ
ආදරේ දල්ලේ
උබ මගේ පණ මයි හිතුනාකොටුවෙන් බැහලා 32 කතරගමට නැග්ග මං කෝකකටත් කියල ආයෙම ළග උන්න එකෙක්ගෙන් මේ කතරගම බස් එකමද කියලත් ඇහුවා...ඇයි යකෝ මේක නිකන් ඩිස්කො පාටියක් වගේනෙ... තොරණ වගේ පාට පාට බල්බ් දාලා කන පැලෙන්න ඩීජේ එකක් දාලා...මට වැරදිලා වෙන මොකකට හරි නැග්ගවත් දන් නෑ නෙ...
ඕනෙ මගුලක් වෙච්චාවෙ කියල වාඩි වෙච්ච මං ඩ්රයිවර් කාරයට ඌට ඕනෙ ආතල් එකක් ගන්නයි කියල හෑන්ෆ්රී දෙක ගහ ගත්තා... සෙමියකට නැග්ගම ජීවිතේට ඉදගන්න හොද නැත්තෙ බෆල් එක යට සීට් එකේ වෙද්දි අද මගෙ කරුමෙ කොච්චර ද කියනව නම් සෙට් උනේම පිටිපස්සෙ බෆල් එක යට ඩබල් සීට් එක....
හැබැයි ඉතිං නරකමත් නෑ ... ජනේලෙ අයිනෙ වාඩි වෙලා හිටියෙ පට්ට කෑල්ලක්...ආයෙ කොන්ඩෙ ලේයර් කරලා ටින්කරින් ගහලා...ක්රීම් කැකර් තට්ටු හත වගේ ෆවුන්ඩේශන් මේකප් උලලා රෑක දැක්කොත් මෝහිනිත් බය වෙන ජාතියෙ කලම්බො පොශ් සෙම්සි කෑල්ලක්...
අවුලක් නෑ ... ඩ්රයිවරයගෙ ස්වීටි මැණිකෙටම සෙට් වෙන එකේ හික්කඩුවට යනකල් මට ආතල් එකක් ගන්න පුලුවන් වෙයි වගේ මෙයාගෙන්... බිකෝස් ඉට්ස් මී...
YOU ARE READING
Petals of Radiance 🌻
Nonfiksi" සමයම " " ආ...දැන් මං ද සමයම... ඔව් මං තමා සමයම " " නිකන් සමයම නෙවේ...මගෙ මළ සමයම !! " Started on - 20.02.2024