Part 2

77 10 11
                                    

දැන් අපි ඉස්කෝලේ එන්න පටන් අරන් සති 2ක් විතර ගිහින්. අපේ පන්තියේ අලුතෙන් ආපු ලමයි කවුරුත් නෑ. සාමාන්‍යයෙන් 6 වසරෙ ඉදන් හිටපු පැමිණීම වැඩි ලකුණු වැඩි ලමයි තමයි maths, bio පලවෙනි පන්ති දෙකේ ඉන්නේ. ඒ පන්ති දෙකේ විතරක් අලුත් අය නෑ. අපේ පන්තියෙත් හිටියෙ ඉතින් වැඩ කරන පිස්සො සෙට් එකක්.

දැන් ඒ පිස්සො ටිකට පොඩි වැඩක් වැටිල ඉන්නේ. වෙන මුකුත් නෙවෙයි A/L project එක. Section meeting එකෙන් හැමෝටම projects දුන්න කැමති එකක් ගන්න කියල. අපි ගත්තේ scifest එක. Scifest එක කරන්න චාන්ස් එක තිබ්බේ මැත්ස් වලින් A,B පන්ති වලටයි, බයෝ වලින් E,F වලට විතරයි. අර පාප මිත්‍රයො 3දෙනත් හම්බෙන නිසා scifest තෝර ගත්තා.

"ඔය ගෙම්බව හරියට කපපන්..."

"ලමයි බොරුවට වැඩක් වගේ ඉන්න මං ෆොටෝ එකක් ගහන්න හදන්නේ..."

"කවුද යකෝ මේ දැන් මෙතන තිබ්බ කතුර ගත්තේ..?!"

"බඩගිනී හලෝ යන්කෝ අනේ පන්තියට..."

අපි හිටියෙ 13වසරේ අක්කල එන්නේ නැති නිසා හිස් වෙලා තිබුණ class room එකක. Scifest එකේ අපේ පංතියට හම්බ වුනේ bio part එක. ලැබ් එකේ decorations කරන්න කොළ පාට ගන්න කියල අපේ teacher කිව්ව නිසා යෙනුව හිටියේ මට බැන බැන, අපි හිටපු පන්තියේ බාගයක් විතර වැහෙන්න තරම් ලොකු ගෙම්බෙක් කප කප. ඒ වැඩේ කරන්න පුලුවන් අපෙන් එකම මනුස්සය යෙනුලි විතරයි.

"ඒ ඒ උබල දෙන්න දගලන්නේ නැතුව හිටපන්කෝ මේ මගුල පාට කරන්න බෑනේ. උබලට ෂුවර්ද බන් මේ ගෙම්බවම entrance එකට දාන්න ඕනෙ කියල? එන උන් හිනා වේවි."

"නෑනේ ඌ හරි cute නේ, ඒත් ඇත්තටම අව්ලක් නෑ නේ හලෝ?"

"අව්ලක් උනොත් මන් කියනව උබ තමයි මේක හැදුවෙ කියල, මට බඩගිනි මන් යනව ඔන්න වගකීම ගන්න." කියල නවිනිට කියාගෙනම යෙනුව මාවත් ඇදන් අපේ රාජධානියට ගියා.

යන අතර මගදි හිටපු කෙනාව දැකල මන් උඩ ගියා. මේ පොඩි උන් මොකද අපේ සෙක්ශන් එක පැත්තෙ ඉන්නේ.

"ආ අක්කී..."
එතනින් යනකොටම සෙතුනි නංගි කතා කලා. දැන් බස් එකේ යන නංගිල මාව අදුරනව. මන් එදා හිතුව වගේම මගේ එහා පැත්තෙ දිගටම ආවෙ අර පොඩි බට්ට තමයි. එයානෙ නම අකේන්‍යා. මුලින්ම කතා කලේ එයා තමයි. අපි දෙන්න ටක් ගාල close උනා. එයා එක්ක කතා කරන්න ආස හිතෙනව. යවන්න හිතෙන්නම නෑ. මොකක් හරි දෙයක් මට දැනුන හැබැයි ඒ මොකද්ද කියල අදුරගන්න මට උවමනාවක් තිබ්බෙ නෑ. දැනුත් එහෙමයි යන යන තැන කොහෙන් හරි මතු වෙනව. එයා ඒක හිතල කරන්නේ නෑ. ඒක ඉබේම වෙනව. හැම දෙයක්ම අහම්බයක්. මේ දැනුත් සෙතුනිගෙ එහා පැත්තෙ එයා ඉන්නව.

ඉරෙන් සඳට | nonfic | GLWhere stories live. Discover now