Chapter 8

327 15 9
                                    

ඊයේ දවස ගෙවිලා ගියේ කල්පනාවෙන්මයි.. පුලුවන් කියල හිත හයිය කරගත්තත් මං භාරගත්ත වැඩේ ෆේල් වුනොත් කියලා මට බයක් තිබුනා.. ඕවා මේවා කල්පනා කර කර ඉද්දි තමයි සිහිලැල් සර් ඊයේ මහ රෑ කෝල් ගත්තේ.. හරියටම කිව්වොත් රෑ එකයි හතලිහයි වෙලාව.. හොඳටම නින්ද යන ටයිම් එකේ කෝල් අරගෙන හෙට කැම්පස් ඉවර වෙලා කාර් පාක් එකට වෙලා ඉන්න කියලා එයා එක්ක වැඩ වගේකට යමු කිව්වා.. එච්චර රෑ නැගිටගෙන තොයිල් නටනවද මන්දා..

උදේම තිබ්බෙ උපුල් සර් ගෙ ලෙක්චර්ස්.. ඒ වෙලාව ගිරිය කඩාගෙන අඬන නැලවෙන්නෙ නැති ලමෙක් උනත් විනාඩියට නැලවිලා නිදාගන්නවා.. ඒ තරම් මිහිරියි ලෙක්චර් එක.. ඒ අස්සේ අපිට ඉස්සර පෝලිමේ ඉන්න දෙව්නකයි යසසුයි මගුල් නටනවා.. මුන් දෙන්නා ගෙ යම්කිසි දෙයක් තියෙනවදත් කියලා හිතෙනව රඟන රැඟිල්ලට.. දෙව්නක යසට ලෙක්චර් එක අහගෙන ඉද්දි යසස් ශේප් එකේ දෙව්නකගෙ අතින් අල්ලනවා.. දෙපාරක් තුන්පාරක් දෙව්නක ' මොනාද ඕයි කරන්නේ ' වගේ එකකින් යසස් දිහා බැලුවා.. ඕවාගෙන් මට්ටු වෙනවද යසස්? පිස්සු හැදෙයි.. මේකා දෙව්නක ගෙ කකුලත් අල්ලගන්නවා.. ඔක්කොම පැත්තක දාපු දෙව්නක කුකුල් හිනාවක් දාගෙන ඉන්න යසස් ගෙ අත අස්සෙන් ඇඟිලි දාලා අත අල්ලගෙන යසස් ට ඇහැක් ගහලා හිනා වෙනවා.. මුන් දෙන්නටම අසහනෙ මං කියන්නේ..අනේ තව හිටියොත් මගුලක් වෙන නිසා සේයා යසස් ගෙ ඔලුවට ගැහුවා.. එවලෙම උන් දෙන්නා අත් දෙක අයින් කරගත්තේ පාරේ ඉඳලා ගෙදරට ලව් එක අහු වුන කපල් එකක් වගේ.. හිනාත් යනවා මෙයාලා එක්ක..

අද දවල්ට සිහිලැල් සර් පාකින් ලොට් එකට එන්න කිව්ව වග මතක් වෙද්දිත් මොකක්ද වගේ.. ඕවා මේකේ ඉන්න පැපරාසි ජනතාව දැක්කම වාවන්නෙ නැහැනේ.. ඊටපස්සේ ඉතින් දිගැසි වර්ශා සිහිලැල් සර් ට ලයින්‍ ය, කරේ එල්ලෙන්න ගියාය, සල්ලි නිසා මේ ඔක්කොමය කියලා කැලෑ පත්තර ගැහුවම හරි... අනේ නටාගනින්.. මට මොකෝ.. එක්කො ඔන්න ඔහේ ගේට් එක එහාපැත්තේ ඉන්නවා.. වැඩිය පේන්නෙත් නැහැනේ.. මැසේජ් එකක් දාලා කියනවා..

ලෙක්චර්ස් ඉවර උනාම කැන්ටින් එකෙන් බීම එකකුත් අරන් ඒකත් බොනගමන් මං ගේට් එක දිහාවට ගියා.. කැම්පස් එකේ ගේට් දෙකක් තියේ.. මං යන ගේට් එකෙ පැත්තේ වැඩිය ළමයි නැහැ.. ඒකෙනුත් ටිකක් එහාට වෙන්න බලාගෙන හිටියෙ සිහිලැල් සර් එනකම්... පැය කාලක විතර බලන් හිටියා මම.. ඒත් මේ මනුස්සයා නෑ.. ලනුවක් වත් දුන්නද..? මොකද ඉඳලා හිටලා නොහිතූ වෙලාවට මේ මනුස්සයා පලිගන්නේ.. තව විනාඩි පහකින් විතර සුදු පාට ප්‍රාඩො එකක් ඇවිත් මගේ ඉස්සරහින් නැවැත්තුවත් මං ගනන් ගත්තේ නෑ.. අනේ මොකෙක් හරි රඟන පොරක් වෙන්න ඇති..

You've reached the end of published parts.

⏰ Last updated: May 11 ⏰

Add this story to your Library to get notified about new parts!

වස්සාන වර්ෂා l WASSANA WARSHAWhere stories live. Discover now