එක දවසක අපි .....
පලවෙනි දිගහැරුම
" අනේ පොඩි මහත්තයෝ මාව අතාරින්න....
අනේ රිදෙනවා....."
කෙල්ල කෑගැහුව්වට මට මොකද මම අත අරින්නේ නෑ." කෝ මගේ මේසේ උඩ තිබ්බ කඩදාසි ටික?"
" මන් මන්...." කෙල්ල ගොත ගහනවා.
ඒ ටික මට ඕනම වෙලා තිබ්බ සින්දුවල නෝට් ටිකක් ඊලග ශෝ එකට කරන්නයි හිටියෙ.
" උබ වගේ එකියක් ගෙට ගත්තට අපේ තාත්තට තමයි බනින්න ඕනි. කිසි පරිස්සමක් නෑ..."
" අනේ මහත්තයෝ මාව අත අරින්න. සමාවෙන්න..."
සමාවගත්තා කියලා මගේ කොල ටික ආපහු එනවද.
" අනේ පොඩි මහත්තයෝ කෙල්ලව අත අරින්න." ඒ පාර ආවේ ගෙදර වැඩ කරන්න හිටපු අනිත් ගෑනු කෙනා , කුසුමා.
මොන මම කෙල්ලගේ දිග කොන්ඩෙන් හයියෙන් ඇදන් අල්ලගෙන හිටියා.
" උබ දැනගනින් මන් උබට මොකද කරන්නේ කියලා." මම එහෙම කියලා කෙල්ලව පැත්තකට තල්ලු කරලා දැම්මා.
" ආදිත්‍ය තමුන් මොනවා කරනවා කියලද හිතන් ඉන්නේ?" ඒ මගේ තාත්තා. මට හිටපු එකම ලේ නෑයා.
මම තාත්තටත් රවාගෙන වාහනේට ගොඩ උනා.
මම ආදිත්‍ය , ආදිත්‍ය දෙව්පුර . ලන්කාවෙ දැනට ඉන්න දක්ශම ගායකයින්ගෙන් එක්කෙනෙක් මම. ඇඩ්වටිස්මන්ට් වල ගොඩක් වෙලාවටතිබ්බේ මගේ මූන. කඩවසම් මූන ,මේ මූනට මුලු ලන්කාවේ බාගයක්ම වශී වෙලා ඉන්නේ.
දවසම බිසී උනත් පොඩි වෙලාවක නිදහසක් හම්බුන ගමන් මම දුවන්නේ ක්ල්බ් එකට. එහේ ඉන්නවා මගේ අතිජාත මිත්‍රයෝ ටික. පොඩි ඩ්‍රින්ක් එකක් අරන් පොඩ්ඩක් එහෙට මෙහෙට වැටිලා කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක සෙට් උනාම මගේ මුලු මහන්සියම නැතිවෙලා යනවා.
*******************
" ඊයේ මොකද්ද අර කලේ, ඔයාගේ නෝට් විසිකලා කියලා එහෙම ගහනවද?"
තාත්තා නඩු විභාගයක." මොකද්ද ?"
" අර කුමුදුට?"
" මම මුකුත් කලේ නෑ"
" ඒ කෙල්ලගේ ඔලුව ගෙඩිගැහිලා"
" තාත්තා හරි ආදරෙයි වගේ කෙල්ලට"
තාත්තා මන් ලගට ඇවිත් කනේ පාරක් දුන්නා. මම ඒත් තාත්තට රවාගෙනම හිටියා. එතනට කුමුදුත් ආවා. අහින්සකී වගේ හිටියට මේකි කේලම කියලා.

YOU ARE READING
එක දවසක අපි....
Romance" හැම ගෙවෙන තත්පරක්ම ආදරයෙන්... ඔව්.. අන්තිම හුස්ම වෙනකල්ම... ඔව්.. ඊට පස්සෙත්.. අන්තිම හුස්මට පස්සෙත්... "