අස්තාවර - 48 වන කොටස

5.7K 494 115
                                    

" පුහ් ! දැන් ඉතින් මන් ආවා කියලා තවුසෙගේ ඔලුවට මොනාහරි වුණාද ? සොරි හොදේ , මන් අදනේ දන්නේ එහෙම දේවලුත් වුණා කියලා . මටත් තවුසෙව පේන්න බෑ අයියේ , හරී ? අනික , මම කොහො- "

නේමාල්ට එයාගේ කියවිල්ල තව දුරටත් කන්ටිනිව් කරන්න නොදීම එයාව කිස් එකකට ඇදලා ගත්ත මන්දිව් නේමාල්වත් එහෙන්මම උස්සන් ගේ ඇතුලට ආවා , ඊටත් විනාඩි ගානකට පස්සේ කිස් එකත් බ්‍රේක් කරලා නේමාල්ව ඇද උඩට අතෑරපු මන්දිව් ටවල් එකත් අරන් වොශ් එකක් දාගන්න ගියා . වලිකාරයෝ සෙට් එක වොශ් දාලා හිටියට මන්දිව් බොසා තාමත් හිටියේ උදේ ඔෆිස් එකට යන්න ඇදපු කිට් එක පිටින් , ඉතින් එයා ඉක්මනටම වොශ් එකක් දාගෙන එනකන් නේමාල් ඇදට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න ගත්තා

බැච් ගෲප් එකේ සෙට් එකම නවෝද්වයි නේමාල්වයි මෙන්ශන් කර කර හවස වලිය ගැන එක එක ඒවා අහද්දි නේමාල් ඒ හැම එකක්ම සීන් කරලා විතරක් නිකන් හිටියා . හැබැයි , වැරදිලා වගේ රාවීගේ චැට් එක නේමාල්ගේ අතින් ඕපන් වුණ නිසා එයාට රාවී එවලා තිබ්බ ප්‍රශ්න පත්තරේකට උත්තර දෙන්න සිද්ධ වුණා . අත රිදෙන නිසා රිප්ලයි මැසේජ් එකක් ටයිප් නොකරපු නේමාල් වෙච්ච දේ කෙටියෙන් කියලා එයාට වොයිස් එකක් දාලා ඉවර වෙද්දිම වගේ මන්දිව්ත් වොශ් එකක් දාන් බාත් රූම් එකෙන් එළියට ආවා

සුපුරුදු පරිදි ස්වෙට් පෑන්ට් එක විතරක් ඇදලා උඩට මුකුත් ඇදපු නැති මන්දිව් ටවල් එක අරන් තව එකපාරක් හොදට ඔලුව පිහිදාගත්තා , ඊටපස්සේ ටවල් එක රැක් එකට විසි කරපු මන්දිව් බොසා එකපාරටම ලයිට් එකත් ඕෆ් කරගෙනම ඇද උඩට පැන්නා . ඇද උඩට කිව්වට එයා කෙලින්ම පැන්නේ නේමාල්ගේ කකුල් දෙක උඩට , ඒකෙන් නේමාල්ට එච්චරම රිදුණේ නැතත් ඩ්‍රාමා කින්ග් කෙනෙක් වෙච්ච නේමාලයා බොරුවටත් එක්ක හයියෙන් කෑගහන්න ගත්තා🤣

" ආහ්හ්හ්හ් ! මගේ කකුල් දෙක කඩන්නද මිනිහෝ හදන්නේ ? ඒක රිදුණා ! "

නේමාල්ගේ කෑගැහිල්ල සත පහකට ගණන් ගන්නැතුව මන්දිව්ත් හයියෙන් හිනා වෙවීම එයාගේ එහා පැත්තෙන්ම ඇලවුණා . නේමාල් ගාව ඉද්දි දවසේ මහන්සිය , වෙච්ච නරක දේවල් ඔක්කොම ටිකෙන් ටික අමතක වෙලා යනවා කියන එක එක්ස්පීරියන්ස් එකෙන්ම දන්න මන්දිව් බොසා ඊලගට කලේ නේමාල්ගේ මූන කෙලින්ම සමාන්තරව පේන විදිහට හැරුණ එක . රූම් එකේ පැතිරිලා තිබ්බ ලා අදුර නිසා එයාට නේමාල්ගේ මූනේ ඒ වෙලාවේ නොපෙනුණත් නේමාල් එයා ගාව ඉන්න එකම මන්දිව්ට ගොඩක් ලොකු කම්ෆටර්බල් ෆීලින්' එකක් ගෙනාවා

අස්තාවර || ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now