අස්තාවර - 55 වන කොටස

5.5K 520 158
                                    

" මන් කාටහරි මැසේජ් එකක් දාන්නම් , මේ තවුසේ එක්ක බෑ අයියේ හොදේ . මාව මෙතන දාලා කොහේ හරි හොර ගමනක් යන්නද මේ ප්ලෑන් කරන්නේ ? හු#ත ! "

ඒ විදිහට මන්දිව්ට කෑගහපු හේරාගේ ගේ ගාව ඉදන් මන්දිව්ලටම අයිති රෙස්ටෝරන්ට් එකක් ගාවට එනකන්ම පුපුරන එක නතර කරගත්තේ නෑ , ඒ ඇවිල්ලත් මන්දිව් එයගේ සීට් බෙල්ට් එක එහෙම ගලවලා ෆෝන් එකයි වොලට් එකයි අරන් කාර් එකෙන් බහින්න ලෑස්ති වුණත් නේමාල් නම් තාමත් අත් දෙකත් බැදගෙන තරහෙන් වගේ ඉස්සරහා බලාගෙනම හිටියා . පොඩි ළමයෙක් තරහා වුණාම හැසිරෙන විදිහට ඉන්න නේමාල්ව දැකපු මන්දිව්ට පොඩි හිනාවක් යන්න ආවත් කාර් එකෙන් එළියට බහින එක පොඩ්ඩකින් පැත්තකට තියපු මන්දිව් එකපාරටම නේමාල්ගේ සීට් එක පැත්තට නැඹුරු වුණා

" ඇයි ? "

" නිකන් , ලස්සන බැලුවේ  !"

තමන්ගේ මූන ඉස්සරහටම නැඹුරු වෙලා ඉන්න මන්දිව්ගෙන් ගහගන්න වගේ ඇයි කියලා අහපු නේමාල්ට මන්දිව් දීපු උත්තරේ නිසා ලාවට ලැජ්ජ හිතුණා , ඉතින් යාන්තමට රතු වෙච්ච නේමාල් මන්දිව්ව එහාට තල්ලු කරලා එහෙට මෙහෙට ඇඹරෙද්දි මන්දිව් බොසා නම් ඒකෙන් හොද ආතල් එකක් ගත්තා . නේමාල් කොච්චර කට ගහන් ආවත් මන්දිව් එක බැල්මක් දාපු ගමන් එයාව නිකන්ම දිය වෙලා යන ගතියක් කොහොමත් තිබුණා , ඇට්ටර පූසාට තරහ ගිහින් ශේප් කරගන්න ඕනේ වුණාම ඒ බැල්ම දාලා මොනාහරි චීසි ලයින් එකකුත් කියලා වැඩේ ගොඩ දාගන්න විදිහ මන්දිව් බොසා හොදට දැනන් හිටියා

" සීට් බෙල්ට් එක ගලවන්නනේ එන්නේ ? වේට් , ඒක මට තනියෙන් ගලවග- "

" නෑ , පිස්සුද බබා ? කිස් එකක් දෙන්න ආවේ . උම්ම්වාහ් ! "

ෆිල්ම්ස් වල , කේ ඩ්‍රාමාස් වල ඒ විදිහට කිස් එකක් දෙන්ම වගේ ළං වෙලා පස්සේ 'මම ඔයාගේ සීට් බෙල්ට් එක ගලවන්න හැදුවේ' කියන හැටි නේමාල් මීට කලින් දැකලා තිබුණා , ඉතින් දැන් මන්දිව් බොසත් රග පාන්න හදන්නේ ඒ වගේ සීන් එකක් කියලා හිතපු නේමාල් මන්දිව්ගේ මූන එහාට තල්ලු කරන ගමන් එයාගේ සීට් බෙල්ට් එකට අත ගෙනියන්න හැදුවා . ඒත් , ඊට කලින් මන්දිව් හොදට සද්දෙත් ඇහෙන විදිහට නේමාල්ගේ කම්මුලකින් කිස් එකක් තිබ්බා . ඊටපස්සේ නේමාල්වත් ශක බූම් වෙලා යන විදිහට හිනාවකුත් දීලා ඇහැක් ගහන ගමන්ම මන්දිව් බොසා කාර් එකෙන් බැස්සා

අස්තාවර || ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now