"යහං සමාධිං ගතවා තහිං මුනී නිසින්න සොණ්ණාසන කේස ධාතුකං
ලද්ධා මහාදසේන නරින්ද කාරිතං නමාමහං කාචරගාම චේතියං "ඉතින් කී වෙනි පාරටද මන්ද මම ආයෙම පාරක් කතරගම කිරිවෙහෙර පුදබිමට පා තිබ්බෙ ලොකු ශ්රද්දාවකින් වගේම හරිම පැහැදීමෙන්..
" බාග්ය..එන්න අපි මල් අරන් එමු අත්තම්මල එතකන් වෙහෙර මලුවට යාවි.."
" ඉන්න අයියෙ මේ පූජා වට්ටිය අම්මට දීල විගහට එන්නම්.."
මම පූජා වට්ටියත් අම්මට දීල ඉක්මනට අයියගෙ පස්සෙන් දිව්වෙ අපි හැමදාම එනකොට මල් ගන්න යන සුපුරුදු තැනට..
මම "ශශීන් බාග්ය හෙට්ටිආරච්චි" මේ අවුරුද්දෙ උසස්පෙළ ලියන්න ඉන්නෙ වාණිජ අංශෙන්..
කතරගම වන්දනා කරන්න මම මතක ඇති කාලෙක එනව..මොකද ඒක අපේ අම්මගෙ ආසාව..මාස හතකට වතාවක් වගේ නොවරදවාම අපි කතරගම එන්න පුරුදු වෙලා තිබුන..මේ පාරනම් ආවෙ මගේ විබහගෙ ලග නිසා..තව මාස දෙකක් වගේ තියෙන්නෙ..
" අනේ අපෙනුත් මල් ගන්න.."
" මහත්තය මෙහෙටත් එන්නකෝ..අපෙනුත් මල් ගන්නකෝ..."
" මල් පහක් සීයයි මල් පහක් සීයයි.."
" එන්න එන්න අපෙනුත් මල් ගන්න..ලොකු නෝන එන්න මහත්තය එන්න..."
මල් විකුනන දාහක් දෙනා අතරෙ මමයි අයියයි ආවෙ පොඩි ලෑල්ලක් උඩ මල් තියාගෙන ඉන්න "එයා" ලගට..
සුදු රතු නෙළුම් මල් , ඕලු මානෙල් පිච්ච එකී නොකී මල් ගොඩාක් මැද එක පිවිතුරු දෑසමන් මලක්..
YOU ARE READING
"අහිමි මතක" (short story)(complete )
Povídky" මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි" -මිහී..- "මේ මල් මිට දුන් ඔයාට සියලුම දෙවි රැකවරණයි.." -ඔයාගෙ පොඩි මහත්තය-