♡༈⍣.07.⍣༈♡

22 7 0
                                    

......

" නංගි කොහෙද පුතේ...."

" එයාට පරක්කු උනාලු ගෙදර එන ගමන් කිව්ව..."

ඊට පස්සෙ වාහනේ මීයට පිම්බා වගේ සද්ද නැති වෙද්දි කෝමින් හරි  අපි ආවේ විශාල ඉස්පිරිතාලෙකට... මේක ප්‍රයිවට් එකක්.... හ්හ්

මන් මොකාද එකා වගේ ඒ දෙන්නා පිටිපස්සෙන් බැහැලා යන්න ආවට තේජ් මාව නතර කරා

"වාහනේ ඇතුලට වෙලා ඉන්න එලියට බහින්න එපා...."

උඩ ඉදන් පහලට මං දිහා බලලා ආපහු මගෙ කකුල් දිහා බලපු තේජ් එහෙම කියල ලොකු නෝනගෙ අතින් අල්ලන් යන්න ගියා ඇත්තට මම මොකටද මේ ගමන ආවේ වාහනේට වෙලා ඉන්න නම්... අනික ඇයි තේජ් මගෙ...........
හ්හ්හ්හ් මේ කොට කෑල්ල ඇදගෙන බාට කෑලි දෙක දාලා එයාල එක්ක යද්දි එයාලාට ලැජ්ජ ඇති .... අනික මේ ටී ශර්ට් එක... ඒක ගද්දි ස්මෝල් සයිස් උනාට දැන් ඩබල් එක්සෙල් සයිස් වෙලා ඇදිල ඇදිලම.... ශෝටට වඩා දිගයි ටී ශර්ට් එක අනික....

ලොකු මහත්තයට ඒ හැටි අමාරුවක් නෑ කියල තමා තේජ් කිව්වෙමට ඇහුනා බයික් එකක හැප්පුනේ කියලා... බයික් කාරයගෙ වැරැද්දලු කියනවත් ඇහුනා... කවුද ඕවා දන්නෙ ඉතින්...

විස්තරේ දැන ගත්ත වෙලේ ඉදලා ටින් බෙලෙක්කෙ අඩනව අඩනවා ඉවරයක් නෑ... අනේ මට පව් කියල හිතුනා... හැබැයි අඩන ගමනුත් බෙලෙක් අක්ක කරේ මට රවපු එක... යකෝ මන් මොන වරදක් කරාටද....

ඕනෙ එකෙක්ට ඕනෙ ජවුසමක් නටා ගන්න කියල මම උදේම ගෙදර එන්න පිටත් උනා... ලොකු මහත්තයා අසනීපෙන් හින්දා අම්ම කිව්ව දවස් දෙකක් මෙහෙ ඉදල යන්න කියලා.... අනේ මට බෑ...

ලොකු මහත්තයා හොද උනත් අර බෙලෙක්කෙයි සුකුරුබුඩිල්ලමයි එහෙට්ටත් රවනව මෙහෙට්ටත් රවනවා.. ලොකු නෝනා උනත් අනේ මන්දා... එයා නිකන් මට කැමති නෑ වගේ මෙව්ව එකක් මට තේරෙනවා... හැබැයි මට මුකුත් කියල නම් නෑ.... . මට බෑ මටේපා.... හහ්... තේජ් මට වෙනස්කම්මයි කරන්නෙත්

බස් එකට නැගලා ටිකට් ගත්ත මම ජනෙල් වීදුරුවෙන් ඔලුව තියා ගත්තා....

"ඇයි ගියේ ඉන්න කියද්දි ම්ම්ම්ම්ම්....."

"ඔයා ඉන්න කිව්වෙ නෑනේ මට...."

ස්වප්න අනන්තේ....♡Where stories live. Discover now