වර්තමානය....
රෙහාන් ෂදිල්ගේ ඉණ පැත්තකින් තද කරලා අල්ලලා කොල්ලාව වීල් චෙයාර් එකෙන් අහක් කරගෙන හිටවලා ලඟ තිබ්බ බිත්තියකට එයාගේ ඇඟෙන් තද කරගත්තේ එතකොටත් ෂදිල්ගේ ගෙල වටා එතුනු ටයි එකෙන් ග්රහණය වැඩිකරන ගමන්....
අනපේක්ෂිත ලෙස හිටගන්න වුන නිසා ෂදිල්ට යටි පතුල් ඉඳන් දෙපා දිගේ ඉහලට දැනුනේ ලොකු වේදනාවක් වුනත් එයා වේදනාව කාගෙන හිටියා...
අද හෙට නැති වුනත් ඉක්මනින් දෙපයින් නැගිටින්නම වෙනවා ෂදිල්ට....ඒ නිසා වේදනාව කියන්නේ එයාට අළුත් දෙයක් නෙමේ...පරණ දෙයක් කියලා හැමදාමත් වේදනාවෙන් බැට කන්නත් එයාට බෑ....
ෂදිල් පුළුවන් තරම් වෙර දරලා අත් දෙකෙන්ම රෙහාන්ව අහකට තල්ලු කරන්න උපරිම උත්සාහ කලේ රෙහාන් මෘගයෙක් වගේ හැසිරෙන්න පටන් අරන් තියෙන හින්දයි.....
ඒ වුනත් එයාගේ වෑයම අසාර්ථක වුනා...රෙහාන් කේන්ති ගියාම හුඟාක් දරදඬු පුද්ගලයෙක්....කායිකව වගේම මානසිකවත්...එයාව පාලනය කරගන්න එයාටම බෑ.....ෂදිල්ට කොහෙත්ම බෑ....
"මගේ...බෙල්ල...හිරකරන්නෙ..පා!!!!!...සි..හියට එ...නවා සිද්...පි..ස්සු හැදීගෙන එන..වද මිනි...හෝ?......"
ෂදිල් අමාරුවෙන් වුනත් වේදනාවට කඳුලු පිරීගෙන එන දෑසින් රෙහාන් දිහා බලාගෙන වචන ඇමිණුවා...බැරිම තැන එයා රෙහාන්ගේ කම්මුලට වැරෙන් පහරක් ගැහුවාම රෙහාන් ෂදිල්ට දුන්නේ මාරාන්තික බැල්මක් කැටිවුන වියරු හිනාවක්....
ෂදිල්ගේ ඇඟම අඩපණ කරලා දාන්න පුළුවන් බැල්මක් වුනත් එයා අඩපණ නොවී හිටියා.....රෙහාන්ගේ ඇස් කේන්තියෙන් දිලුසුනත් ඒ හකු තද වුනත් ෂදිල්ගේ ගෙල වටා තිබ්බ රෙහාන්ගේ අත් යාන්තම් ලිහිල් වුනා...ඒකට හේතුව කොල්ලාගේ නොසැලෙන බැල්ම වෙන්න ඕන...
අධික කෝපයෙන් දිදුලන රෙහාන්ගේ දෙනෙත් හමුවේ වගේම ගෙල වටා තදින් වෙලෙමින් තිබුන ටයි පටියට ෂදිල්ගේ හිත බියෙන් තිගස්වන්න හැකි වුනත් ෂදිල් හිටියේ රෙහාන්ට අවනත නොවන මානසිකත්වයක...
ඒකට හේතුව නෙතිල් එක්ක වුන කතාබහයි....එයාට හිතුනේ රෙහාන් එයාගෙන් පලිගන්නවා වගේ හැඟීමක්...ඒ නැතත් එයාට ඕන වුනේ රෙහාන්ට අවනත නොවී රෙහාන්ගේ ඉවසීම පරීක්ෂා කරන්න...
![](https://img.wattpad.com/cover/351239288-288-k616327.jpg)
YOU ARE READING
සිධාරණ්ය (Complete)✔️
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - January 29, 2025