"සර් ප්ලීස් ඕක නවත්තන්න "
"සර්"
"තමුසෙලට කිව්වම තේරෙන්නැද්ද අහකට පලයන් ගෑනියේ..."
මොකක්ද ඒ සද්දෙ.. යූනා ඔයා ඔය දේවල් වලට අත නොදා ඉන්න එක තමයි හොදම මතකනෙ එයාලා කියපුවා... මොකක්හරි උනොත් අපි මේ ගෙදර ඉදලත් ඉවරයි...
"ආආආඅහ්"
එකපාරටම ඇහුනේ හනා කෑගහන සද්දේ... එයාලට කරදරයක්ද... දෙයියනේ ලුලූ නැන්දා.. මන් පුලුවන් වේගෙන් ගේ ඇතුලට දිව්වෙ ලුලූ නැන්දට කරදරයක් වෙයි කියලා හිතලා...
"ලුලූ නැන්දා"
"ඔයා කොහෙද"
"ශ්..."
"කෑගහන්නෙපා යූනා... ඔයා දැන්ම එලියට යන්න..."
"ඒත් ඇ.."
"කියන දේ අහන්න යන්න... ඉක්මනට මන් කෝල් එකක් දෙනකම් එන්න එපා.. කිව්වම යන්න දරුවෝ..."
මොකක්ද සිද්ද උනේ... ඇයි මට යන්න කිව්වෙ.. චෙරි මල් වැටිච්ච පාර දිගේ මන් ඔහේ ඇවිදගෙන ගියා.. ලුලූ නැන්දා මොකටද එච්චර බය උනේ... කව්ද අර කෑගහපු පිරිමි කෙනා... හනාට මොකද උනේ... ඇයි මේ ගෙදර මේ තරම් අත්බූත...
"අහ්.. සමාවෙන්න"
වෙන කල්පනාවක ආපු මම හැප්පුනේ තඹ පාට කොන්ඩයක් තිබුනු උස කොල්ලෙක්ගෙ ඇගේ...
"අනේ... මටත් සමාවෙන්න.. මන් වෙන කල්පනාවක හිටියෙ..."
"ඒකට කමක්නෑ... ඒත් පරිස්සමින් මේ පැත්තෙ වාහන එහෙම වැඩීනේ..."
"හී... මන් පරිස්සම් වෙන්නම්"
එයා නොපෙනී යනකම්ම මන් එයා දිහා බලන් හිටියා... සෝල් වලට ආවට පස්සෙ මට හම්බුන හොදින් කතා කරපු පලවෙනි මනුස්සයා... හෙට ස්කෝලෙදිත් ඒ වගේ කට්ටිය හම්බෙයි කියලා මන් හිතනවා...
ලුලූ නැන්දගෙන් ලැබුනු කෝල් එකත් එක්කම ආයෙත් ගෙදරට යන්න මන් පටන්ගත්තා... ගෙදරට එනකොට හොදටම කරුවල වෙලා... හනාගෙ අත බැන්ඩේජ් කරලා... කව්ද හනාව තුවාල කරපු මනුස්සයා...
"තමුන්... කාමරේට යනවා... හෙට උදේ වෙනකම් මේ පැත්ත පලාතටවත් එන්න හිතන්නවත් එපා..."
ඇනාගේ කටහඩේ තිබුනු දරුනු බව හින්දම... මන් කියපු සැනින් කාමරේට ගියා... මට ලුලූ නැන්දට කතා කරන්නෝනි... එයා මට කෝල් එකෙන් කතා කරාට පස්සෙ මන් එයාව දැක්කෙවත් නෑ... එයා හොදින් ඇති කියලා මන් හිතනවා...
මට දැන්නම් හොදටම බඩගිනී... කෑම හම්බෙන පාටක්නම් පේන්නවත් තිබ්බෙ නෑ... තවත් ඉවසන්න බෑ.. මන් කාමරෙන් එලියට ආවා.. ඒත් එක්කම මන් දැක්කෙ අපි අරගෙන ආපු සූට්කේස් ටික... ඒවා ඔක්කොම ලුලූ නැන්දගෙ... එයා කොහෙද යන්නෙ... ජනේලෙකට මුවා වෙලා මන් බලන් හිටියෙ වෙන දේ හිතාගන්න බැරුව...
"එහෙනම් සුභ ගමන් ලියානා..."
මොකක් ඇයි ඇනා එහෙම කියන්නෙ.. මොකක්ද මෙතන වෙන්නෙ මට මුකුත් තේරෙන්නෑ... එලියට දුවන්න හදපු මාව එකපාරට ඇදිලා ගිහින් සීතල අතක් මගෙ කට වටේ එතුනෙ වෙන්නෙ මොනාද කියලා තවත් තේරුම්ගන්න බැරිවෙද්දි....
"ම්ම්ම්හ්..."