ලුලූ නැන්දා අපි යමු...
බායි සේයුනා.. අපි ආයෙත් ඉක්මනින් හම්බෙමු...
ඒ තමයි මන් පොඩි කාලෙ ඉදන් ජීවත් වුනු ගෙදර දාලා යන්න වුනු වෙලාව.. මම යුනා.. කිම් යුනා මේ ලෝකෙ මන් ආදරේ කරන අය දෙන්නයි ඉන්නෙ.. එක්කෙනෙක් මගෙ ලුලූ නැන්දා අනිත් කෙනා සේයුන්.. ලුලූ නැන්දා මේඩ් කෙනෙක්.. එයා වැඩ කරපු ගෙදර පොඩි ගෑනු ලමයා තමයි සේයුන්.. ඒත් අපි අද එහෙන් යනවා සෝල් වලට.. සේයුන්ගෙ පවුලෙ අය වෙන රටකට යන නිසා ලුලූ නැන්දගෙ රස්සාව නැති උනා.. ඒ නිසා අපිට ඉන්න ගෙදරක් නැති උනා.. මොකද මන් පොඩි කාලෙ ඉදන්ම හිටියෙ සේයුන්ගෙ ගෙදර එයාලා මටත් සැලකුවෙ එයාලගෙම ලමයෙකුට වගේ..ඒත් අද අපිට යන්න වෙලා ලුලූ නැන්දට සෝල් වලින් අලුත් රස්සාවක් හම්බුනා එයාලා කැමති උනා අපිට එහෙ ඉන්න දෙන්න.. සෝල් කියන්නෙ ලොකු නගරයක්.. ලොකු නගරයක කාත් කවුරුත් නැති අවුරුදු 18ක කෙල්ලෙක්ට මොනවගේ දේවල් වෙන්න පුලුවන්ද??? ඔයාලා බලනවා ඇති නේ කාත් කවුරුත් නැත්තම් ලුලූ නැන්දා මගෙ කව්ද කියලා.. එයා තමයි මට ජීවිතයක් දුන්නු මනුස්සයා.. මගෙම දෙමව්පියො මාව අතෑරලා දාලා ගියාම ලේ නෑකමක් නැතත් මාව බලාගත්ත මනුස්සයා... මේක තමයි මගෙ කතාවෙ ආරම්භය.. ඒත් අවසානය???