"ආහ්....සිද්...හෙමින්...අනේ...ම්ම්ම්හ්හ්..අම්මෝහ්.....ආහ්හ්...ම්න්න්න්න්......"
ෂදිල් රෙහාන්ගේ අනුරාගික සුසුම්වැල් එකට මුසුවුන රාත්රියක් බවට පත්වුනා මේධාව මුණ ගැහිලා ෂදිල් ආපු දවසට සති දෙකකට විතර පස්සේ උදාවුන රැය...
අරාෂ්ව කාමරේ නිදි කරවපු ගමන්ම වගේ රෙහාන් ෂදිල්වත් අරන් එයාගේ කාමරේට ගියේ දවස් ගානක වාඩුවක් පියවගන්න....
පහුගිය ටිකේම රෙහාන්ටයි ෂදිල්ටයි ගොඩාක් කාර්යබහුල වෙන්න සිද්ද වුනා ඔෆිස් වැඩ නිසයි මේධා හොස්පිටල් නැවතුන නිසායි.....ඒ නිසා දෙන්නාම හිටියේ පුදුමාකාර ආතතියකින්...
ගෙදර ආවාත් වචන කීපයක් හුවමාරු කරගෙන ලැප්ටොප් ඇරගන්නවාට වඩා වැඩක් රෙහාන්ට නොතිබෙද්දී ෂදිල් අරාෂ් එක්ක වැඩිපුර කාලේ ගත කලා...රෙහාන් කලින් ප්ලෑන් කරපු පික්නික් එක යන්න තවම අවස්ථාවක් ලැබුනේ නෑ.....නිදහස හරිම සීමාසහිතයි ඒ දෙන්නටම ආයතනයක ඉහල නිලතල දැරුවත්....
තුහිනගේ ඇඩ් එක එයාලව බෙල්ලටම හිර කලා ඒ සති දෙකේ...තව දවස් දෙකකින් තුහිනගේ ඇඩ් එක ලෝන්ච් වෙනවා...ඒක පුදුම විදියට කල් ඇදුන ඇඩ් එකක්...ඉන්ටර්නැශනල් ලෙවල් එකට වෙන වැඩක් නිසා ඒකට තියෙන අවධානය වැඩියි....ඉන්වෙස්ට්මන්ට් එක වගේම රිස්ක් එකත් සෑහෙන්න වැඩියි.....
තුහින ඔෆිස් එකට නාවට මිස්ටර් සූරියආරච්චි නම් නිතර ඇවිත් රෙහාන් එක්ක කතාබහ කරලා ගියා....තුහින එයයි රෙහානුයි ෂදිලුයි අතර ෂදිල්ගේ කැබින් එක ඇතුලේ වුන ප්රශ්නය සූරියආරච්චිට කියලා තිබුන බවක් පේන්න තිබ්බේ නෑ....වෙනදා වගේම කුළුපගුව එයා රෙහාන් එක්ක ගනුදෙනු කලා...
ෂදිල්ව දැක්ක තැනත් හිනාවෙලා කතා කරන්න එයා අමතක කලේ නෑ...එයා ෂදිල් රෙහාන් මැරි කරලා ඉන්න බව දන්න වගක් ඇඟෙව්වෙත් නැහැ.....එයාලා බලෙන් කියන්න ගියෙත් නෑ......
පෞද්ගලික තරහක් පිරිමහන්න වගේ රෙහාන් මේ ඇඩ් එක පර්ෆෙක්ට් කරන්න පුදුම විදියට මහන්සි වුනා.....ෂදිල් කොච්චර කිව්වත් රෙහාන්ට ඕනවට වඩා මහන්සි වෙන්නෙපා කියලා එයා ඇහුවෙම නෑ....තරඟ කරන්න ගියාම එයාට සීමාවක් නෑ.....
![](https://img.wattpad.com/cover/351239288-288-k616327.jpg)
YOU ARE READING
සිධාරණ්ය (Complete)✔️
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - January 29, 2025