Chapter 05

84 10 0
                                    


          මනීෂට මුකුත් හිතගන්න බෑ. දෙසිදු මනීෂගෙනුත් සල්ලි ඉල්ලගෙන canteen එකට ගියා. Interval එකට තව විනාඩි 10 ක් තිබ්බත් canteen එක දැනටමත් full.

          මනීෂ පැත්තකට වෙලා අන්ද මන්දව බලන් ඉද්දි දෙසිදු ගිහින් canteen counter එකේ පිරිලා හිටපු පොඩි උන්ව පැත්තකට කරන ගමන් ගිහින් රෝල්ස් 20 ක් විතර එක විනඩියෙන් උස්සන් ආවා. කාපු බීපු තැන් වල වැඩි වෙලා ඉන්න හොද නෑ කියනවනෙ ඉතින් දෙසිදුත් කෑම ටික ගත්ත ගමන් මනීෂවත් ඇදගෙන පන්තියට ගියා. Canteen counter එක ගාව වට වෙලා හිටපු පොඩි උන් දැන් දැන් දෙසිදුට දෙහි කපනවා.

Class එකට රෝල්ස් ගෙනිච්චා විතරයි රෝල්ස් තිබ්බ සිලිකවරෙ විතරක් මනීෂගෙ අතේ ඉතුරු උනා. ඕක වෙන බව දන්න නිසා දෙසිදු රෝල්ස් 4 ක් අරන් තමයි සාගත පිරිසට දෙන්න කියල මනීෂට දීල තියෙන්නෙ. මනීෂට රෝල්ස් දෙකක් දීල දෙසිදු අනිත් රෝල්ස් දෙක කෑව.

ඊලග period එක English. සුරංජි madem General English පොතේ activity 2 ක් දීල meeting එකක් තියෙනවා කියලා ගියා. Media කරන රංග සර් අද නිවාඩු. දැන් ඉතින් interval ඒකෙන් පස්සෙ ඔක්කොම period හිස්. 12 section එකට ඉතින් රජ මගුල් වගේ. ඒ ලැබුණු නිදහසත් එක්ක love කරන උන් love කලා. පිස්සු නටන උන් පිස්සු නැටුව. ඒ අතරෙ තවත් කට්ටියක් බජව්වක් දැම්ම. මනීෂත් ඉතින් බජව්වට set වෙලා සිංදු කිව්වා.

1.15ට bell කරනකම්ම බජව්ව ඇදිල ගියා. Prefect ල දැන් කඩි කුලප්පුවෙන් වගේ ඩියුටි දිව්ව. ඔය සේරම ඉවර වෙලා මනීෂයි දෙසිදුයි නිවුන්නුයි ගිහිල්ල change කරගත්තා.

Change කරගෙන 1.25 වෙද්දි කට්ටියම පහල පිට්ටනියට ගියා. 1.28 වෙද්දි cadet වලට ඉන්න හැමෝම ආව. මුලින්ම basic exercise ටික කරලා real exercise වලට change වුණා.

අද මනීෂ සාජන් නිසා හමුදා පුහුණුවක් තරම්ම professional විදියට සිද්ධ වුණා. 3.45 ට training එක ඉවර කරල මනීෂයි දෙසිදුයි school gate ඒකෙන් එළියට ගියා.

දෙසිදුගෙ තාත්තා එයාව ගන්න ඇවිත් හිටියා. ඇදගෙන හිටපු විදියට අද කොහෙ හරි special tour එකක් යන්න ලැහැස්තිය වගේ.

මනීෂගෙ තාත්තා උන Mr. සමරවීරගෙ හොඳම යාලුව තමයි Mr. ඩෙවෝන් කියන්නෙ. Mr. ඩෙවෝන් මනීෂව දැකල පුදුමය සපිරුනු හිනාවකින් මනීෂට සංග්‍රහ කලා.

          Mr. ඩෙවෝන් පෙරේරා තමයි Mr. සමරවීර ඉන්න කාලෙ ඉදන් මනීෂගෙ තාත්තා ගොඩනගපු company එකේ manager. Mr. ඩෙවෝන් වැඩි කතාවක් නැති උනාට හරි හොද මනුස්සයෙක්.

          මනීෂගෙ අලගිය වැලගිය තොරතුරු අහන ගමන් හිටපු Mr. ඩෙවෝන් මනීෂව ගිහින් drop කරන්න ද කියලත් ඇහුවා. මනීෂ ඒක විනීතව ප්‍රතික්ෂේප කරල හේතු දැක්කුවා.

          අද මනීෂ අලුතෙන් ඇදුම් ගන්න යන්න හිතගෙන හිටපු දවසක්. මනීෂගෙ driver උන uncle ජගත් Mr. ඩෙවෝන්ට එහෙම කියද්දිම BMW එක මනීෂගෙ ඉස්සරහ නැවැත්තුවා.

          මනීෂ දෙසිදුටයි ඩෙවෝන් මාමටයි සමුදීලා කාර් එකට ගිහින් නැග්ගා. මනීෂ ජා-ඇල Disel එකට යන්න ඕනෑ කිව්ව නිසා ගනේමුල්ල , ජා-ඇල , කදාන ට යන්න පුලුවන් තුංමං හංදියෙන් uncle ජගත් කෙලින් පාරෙන් ජා-ඇල යන්න පිටත් උනා.

          Uncle ජගත් පවන බදු වේගයෙන් මනීෂව රැගත් BMW එක ජා-ඇල Disel එකට ගමන් කලා.










අද දිග එකක්. අවුරුදු bonus කලින් ම🎉

කතාව කම්මැලිද guys? 🫥🫥🫥

මන් ඕගොල්ලන්ගෙ කුතුහලය ඇවිස්සෙන කතාවක් කියන්නද? 😶‍🌫️

ඔන්න දැන් තමයි කතාවෙ අනිත් main character එක කතාවට enter වෙන්න.🤭🤫

                                  දෙසිදු පුතා 🙃

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                  දෙසිදු පුතා 🙃

Thank you for all the readers🙏🔮

🥀 මේ ඕගොල්ලන්ගෙ ඕතරී නංගී

Red Camellia [ON-HOLD]Where stories live. Discover now