"දැන් එතකොට උඹට හොඳටම ෂුවර් ද ඒ දැක්කේ ඌවමයි කියලා?"
" ඔව් බන් ඔව්....උඹ මගෙන් ඕක තව කීපාරක් ඇහුවත් මගේ උත්තරේ ඕක."
අපි ඉඳියේ අපේ ගෙදර ගාඩ්න් එකේ. වොෂ් දාලා, කාලා ඉවර උනාම මම නිම්නාද්, ලෙහාන් දෙන්නත් එක්ක එතනට ආවේ නිදහසේ කතා කරන්න හිතාගෙන. මම කතාව කියලා ඉවර උන වෙලේ ඉඳලා නිම්නාද් සැරින් සැරේම ඔය ප්රශ්නේ දැන් මගෙන් සිය පාරකට වඩා අහන්න ඇති.
" මේ ඒයි එතකොට දැන් ඔය ඔයාගෙ රෝස මල මොන වගේ කෙනෙක්ද? ", මෙච්චර වෙලාම සද්ද නැතුව කල්පනා කර කර ඉඳපු පොඩි ඇටිකිච්චා මගෙන් එහෙම ඇහුවා.
"එයා හරි ලස්සනයි, පිරිමි ලමයෙක්ට අහම්බෙන් පිහිටන අහිංසක පෙනුමක් තියෙන්නේ. "
"ඔයාට ෂුවර් ද ඔයා ඔයි කියන්නේ හරි කෙනා ගැන කියලා.. මොකද ඔය කියන පෙනුම තියෙන්නෙ මට නේ හලෝ "
"උබේ කොහෙද බං අහිංසක? "
"එ කියන්නේ ඔයා පිළිගත්තා මං ලස්සනයි කියලා..."
ඔලුව දෙපැත්තට වනපු මන් සෝ ඩන් ලුක් එකෙන් ලෙහාන් දිහා බැලුවේ කොයි වෙලාවකවත් මේ පොඩි ඇටයා සීරියස් විදියට කතාවක් කරන්න දෙන්නෙම නැති හින්දා.
" ලෙහාන් විහිළු නෙමේ ඕයි , උබට විතරයි මට එයාව හොයලා දෙන්න පුළුවන් "
"ම්ම්ම්... හරි මන් ඔයාට ඔයාගෙ රෝස මලව හොයලා දෙන්නම් හැබයි ඉතින් මේවා ෆ්රී සර්විස් නෙමේ. මගෙන් වැයවෙන කාලය හා ශ්රමය වෙනුවෙන් පොඩි ගතමන්ට් එකක් ඕනි සුදු අයියේ ඉතින් "
නිම්නට හිනාවක් යන්න ආවත් මන් දිහා බලපු ගමන් ඌ ඒක කැස්සක් කර ගත්තා. උගේ ක්රියා කලාපය බලන් ඉඳපු මට හිතුණේ එකම එක දෙයයි. 'මූත් එකයි මුගේ සුදුවත් එකයි'
"දැන් මොනාද උඹට ඕනි? "
" මහ දෙයක් නෙමේ ඒයි, අර කොටුවේ අලුතින් දාපු රෙස්ටොරන්ට් එකෙන් මට කන්න අරන් දීපන්... අහ් නෑ දීපන් නෙමේ දෙන්න දෙන්න "
" දෙන්නේ උඹට කන පැලෙන්න මට දීපන් කියපන් ගාගෙන ආවොත්", මගේ රැවිල්ල දැක්ක ගමන් කතාව වෙනස් කරපු ලෙහාන්ට මන් එහෙම කිව්වම ඌ උගේ වෙන්ඩ හබී දිහා කැතම කැත ගෙඹි මූණක් හදන් බැලුවේ මට බන්නවන්න හිතාගෙන වෙන්න ඇති. අනේ උඹ ඕකට කියලා කොරයි මට
YOU ARE READING
The Red Rose
Non-Fictionඅහම්බෙන් දැක්ක අහංකාර ඇස් අස්සේ අතරමං උනේ මන් මටත් නොදැනීම.... දිලිසෙන ඇස්වලින් හොරෙන් කී කතාවෙ තේරුම අදටත් හොයනවා මන් තාම.... දනිමි මන් අහසක් තරම් විසල් ඔය පපුවෙ ලියා ඇත්තේ මගෙ නම.... ඉතින් මම ආදරෙයි කියන්නට බැරි තරම් මගේ හිත හොරා ගත් ඔය නපුරු හදවත...