වචන කෝෂය

578 26 4
                                    

මේක කැඩෙට් වටා ගෙතුණු කතාවක් නිසා ගොඩක්ම පාවිච්චි වෙන්නේ ඒ භාෂාව. ඉතින් ඔයාලට නොතේරෙන වචන තියෙන්න පුළුවන් නිසා තමා මන් මෙහෙම වචන කෝෂයක් හදන්න හිතුවේ. පොඩ්ඩක් විකාරයි තමා ඒ උනාට ඔයාලට කතාව උපරිම රස විඳින්න ඕනි නිසා තමා මන් මේක ලියන්නේ.

මුලින්ම කියන්න ඕනෙ කැඩෙට් වල රෑන්ක්ස් එහෙම නැත්නම් තනතුරු ලැබෙන්නේ එක්ස්පීරියන්ස් එක, සහ ටැලන්ට් එක අනුව. කොච්චර වැඩිමල් උනත් එයා කෑම්ප් ගිහින් තියෙන්නේ එක පාරක් නම් එයාගේ සරඹ හොඳ නැත්නම් එයාට වඩා බාල කෙනෙක්ට තනතුරු හම්බ වෙන්න පුළුවන් එයා වැඩිපුර කෑම්ප් ගිහින් නම්. එතකොට අර වැඩිමල් කෙනාට වඩා බාල කෙනා ෆ්ලැටූන් එකේ සීනියර් කෙනෙක්.

ෆ්ලැටූන්/ප්ලැටූන් - ප්ලැටූන් කියන්නේ පාසලක් ඇතුලේ ඉන්න 24 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍යභට කණ්ඩායමකට.

සාජන් - ප්ලැටූන් එකේ නායකයා. පාසල් ශිෂ්‍යයෙක් යන්න පුළුවන් ඉහළම තනතුර

කෝප්‍රල් - සාජන්ගෙන් පස්සේ ප්ලැටූන් එකක් ඇතුළේ තියෙන ඉහළම රෑන්ක් එක. සාජන් කෙනෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ කෙනා කෝප්‍රල් කෙනෙක් විදියට අවම මාස 6ක් වත් වැඩ කරල තියෙන්න ඕන. ෆ්ලැටූන් එකක කෝප්‍රල්ලා 3 දෙනෙක් ඉන්නවා.

1.සීනියර් කෝප්‍රල්/ට්‍රේනින් කෝප්‍රල් - මෙයා තමා සාජන්ට පස්සෙ ඉන්න කෙනා. බොහෝ වෙලාවට ඊළඟ අවුරුද්දේ සාජන් වෙන කෙනාට තමා මේ පෝස්ට් එක හම්බ වෙන්නේ. එහෙමත් නැත්නම් සාජන්ගෙන් පස්සෙ වැඩිම සීනියර් කෙනාට තමා මේ පට්ටම හම්බ වෙන්නේ. එයාට තියෙන වගකීම තමා ෆ්ලැටූන් එකේ ට්‍රේනින් පැත්ත බලන එක.

2.ඇඩ්මින් කෝප්‍රල් - මෙයා තමා ඊළඟට ඉන්නෙ. එයාට තියෙන ඩියුටි එක තමා ෆ්ලැටූන් එකේ හැමෝගෙම උප්පැන්න, හැඳුනුම්පත්, මෙඩිකල් සහතික එකතු කරන එක, නම් ලිස්ට් හදන දේවල් බලන එක. මේ වගේ ඔක්කොම ලියකියවිලි වැඩ භාර මෙයාට.

The Red RoseWhere stories live. Discover now