සරදමට පෙර....

338 22 14
                                    

පෙරවදන

අවසානයක් නොපෙනෙන කතරක් මැද මන් මුලාවී, ගතේ දැවටී යන සුලන් රැල්ලකින් පවා කිරි සුවද මැදම අහිමිව ගිය ආදරේ සුවද හෙවු, කවදාවත් ලබෙයිදෝ වත් කියා නොදැන බලා සිටි එකම එක උනුසුම් වැලදගැනීමක්, එකම එක ආදරනීය හිනාවක් වෙනුවෙන් බලා හිදි මගේ හදවත හැමදාමත් මාව තව දවසක් වෙනුවෙන් ජිවත් කලා.

මම හිතනවා 'තනිකම' කියන්නේ නිකන්ම නිකන් අකුරු හතරක් උනත්, ඒ අකුරු හතරෙන් අරුත් ගන්වන හැගීම පන ගැහෙන මනුස්සයෙක්ට දැනෙන්න පුළුවන් කාලකන්නිම හැගීම් වලින් එකක් කියලා.

ඒත් ඒ අතරිනුත් කාත් කවුරුවත් නැතිව තනි වෙනවට වඩා තමන් වටා තමන්ගේම  මිනිස්සු ඉද්දිත් තනි වෙලා නම් ඒකට දෙන්න නමක් මම දන්නෙත් නැහැ........ හැබැයි ඒක වචනයෙන් විස්තර කරන්න බැරි විදිහේ මහ අසරන මූසල කාලකන්නි හැගීමක්.........

කාලයත් එක්ක, තනිකම මට ජිවත් වෙන්න තියෙන හුස්ම ටික ටික උදුර ගන්න හදද්දී, බලාපොරොත්තු කියන එකම එක වචනය විතරක් හැමදාම මට හෙට දවසක් වෙනුවෙන් ජීවත් වෙන්න හුස්ම දුන්නා...

ඉතින් මම ජිවත් උනා... තාමත් ජිවත් වෙනවා..... මගේ බලාපොරොත්තු වෙනුවෙන්, අද නොදැක්ක හෙට දවස වෙනුවෙන්....

දැන හෝ නොදැන මා වටා ඉන්න අයගෙන් මගේ පුංචි හිත ඕනාවටත් වඩා තැලෙද්දී කාලයත් එක්ක මම පුරුදු වුනා හැම ලැබීමක්ම නොලැබීමක්ම හිනාවකින් දරාගන්න......

ඉතින් හැමදේම සැලසුම් කරලා හැමදේකින්ම නිදහස් වෙලා, හැමදේම අත ඇරලා, මාව වදයක් වුන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා සදහටම මම හීන දැකපු ජිවිතය හොයාගෙන යන්න හිටපු මගේ ජිවිතය එක මොහොතකින් උඩු යටිකුරු කල ඒ මොහොත දෛවයේ සරදමක් කියා හිතුවත්.......

ඒත් කවුද හිතුවේ මගේ හැම විදවීමක නිමාවේ පටන් ගැන්ම ඒ මොහොත වෙයි කියලා. වයසටත් වඩා ඕනවටත් වැඩිය ප්‍රතික්ෂේපවීම් ලබපු, දුක් විදපු මට දෛවය දුන් තෑග්ගක් වෙයි කියලා....

හැමදාම වගේ එදත් අවසානයේ හැමෝගෙම 'ගැලවීමේ බිල්ල' මම වෙද්දි මගේ හිතේ තිබ්බ හැම බලාපොරොත්තුවත්ම, හීනයක්ම මගේ ඇස් ඉස්සරහම කැඩිලා බිදිලා කෑලි විසි වෙලා ගියේ මගේ පියවි සිහියත් මගෙන් ඈතකට අරන් යමින්....

ඇස් වැහෙද්දි ආදරයක්... විවාහයක්... ආදරයක් කරන්න කෙනෙක්.... ගැන හිතලවත් තිබුනේ නැති මට ආයේ පියවි සිහිය එද්දි තව පැය විසි හතරකටත් අඩු කාලයකදී මගේ දිහා එල්ල වෙලා තිබුන සීතල ඇස් දෙකක අයිතිකාරයෙක් එක්ක සදහටම කරකාර යන්නත් නියම වෙලා ඉවරයි....

කරන්ගැට්ටි වෙලා, ඉරි තලලා ගිහින් තිබුන මගේ හදවත... මටත් හොරාවට සෙනෙහසේ වැස්සෙන් තෙමිලා.. මලුත් පිපෙද්දි තමා මම දන්නෙත් ජීවිතේ හැම කාර්තුවකම මිනිස්සු විද්වන්නේ නැහැ කියලා......

ඒ වගේම මම ඉගෙන ගත්තා ජිවීතේ හැම කාර්තුවකම මල් පිපෙන්නේ නැත්තේ වෙන මුකුත් නිසා නෙමෙයි..... මල් පිපෙන්නත් නියම කාලය එන්න ඕනේ.... ඒ ඔක්කොටම වඩා මොන දේ උනත් හැමෝටම ලැබෙන්න ඕන ඕනම කුණාටුවකදී අපිව දරාගෙන ඉන්න පුළුවන් ශක්තිමත් උපස්තරයක්..... හරියට මට ලැබුනා වගේ...

කොහොමින් කොහොම හරි ඒ දඩබ්බර, ආඩම්බරකාර, සීතල ඇස්වල අයිතිකාරයා මේ ඕෂධ අයුනෙත් සෙහස්න කරලියැද්දව සින්නක්කරවම ලියා ගත්තේ මේ මට මාවත් සදහටම අවසානයේ අහිමි කරමින්....

ඉතින් අවසරයි මගෙයි මගේ ජිවීතේට අහම්බෙන් ඇවිත් නැවතුන, මගේ ජීවිතයට වසන්තය ගෙනාපු ආඩම්බරකාරයා ගැනයි කියන්න......

○●○●○○○●○○●○●○●○●○○○○○●○○○○○○○

ඉතින් හෙට ඉදන් අපි හමුවෙමු දෛවයේ ලස්සන සරදමක් සමගින්🌹🌹🌹🌹🌹

මම හිතනවා ඔයාලා හැමෝම මගේ කතාව ආදරයෙන් වැලදගනී කියලා...

මේක මම publish කරන්න නෙමෙයි හිටියේ.. අද මේක publish කරන්න එකම හේතුව වුනේ HinchiPinchi20 අක්කී... Thank you ❤️❤️❤️

දෛවයේ සරදමක් කියා සිතුවත්.... (Non-fic)Where stories live. Discover now