❤️❤️❤️
තාම උදේ 6.17 යි, හත වෙන්න තාම එහෙමම විනාඩි හතලිහක් වගේ තිබුනා. මුලින්ම මම හිතන් හිටියේ ඉස්කෝලෙට යන්න කලින් මගින් මොනවා හරි බඩට දාගෙන යන්න උනත්, හෂ් එක්ක යන නිසා මට උදේට කාලා යන්න ඕනාවටත් වඩා වෙලා තියෙන නිසා මම කුස්සියට ගියේ කන්න මොනවද තියෙන්නෙ කියලා බලන්න.
කාමරයෙන් එළියට ආපු මම එහෙමම අමුත්තන්ගේ කාමර වලට යන කොරිඩෝව ලගින් හැරිලා සාලෙත් පහු කරගෙන කෑම කාමරය ලගට ආවා. දැනටමත් කෑම මේසෙට අරින්න ඔක්කොම ලැහැස්ති කරලා තිබුනත් කවුරුවත් පේන්න නම් නැහැ, හැබැයි ඉතින් සාලේ පහු කරගෙන එද්දි මම දැක්කා ලොකු මාමා කාත් එක්ක හරි පෝන් එකෙන් ලොකු කතාවකට වැටිලා ඉන්නවා.... ඒක හොදයි කවුරුත් නැති එක...... අනික ඉතින් හිටියත් මට මොකද, මම කෑම මේසේ ඉදන් කට්ටියත් එක්ක කනවා කියලයැ...
මට සාලෙ පැත්තෙන් අඩි සද්දයක් ආපු නිසා මම ඉක්මනට එළියේ කුස්සියට පැන ගත්තා...
මම කෑම මේසේ ඉදගෙන කෑම කන්නේ සීයා තාත්තා ගෙදර ඉන්නවා නම් විතරයි, එයා ඉන්න දවසට ගෙදර හැමෝම, මාද ඇතුළුව..... කෑම මේසේ ඉදගෙන එකට කන්න ඕනේ කියන එක එයාගේ නීතියක්........
මේ පවුලේ මිනිස්සුත් එක්ක එක මේසෙක ඉදගෙන කෑම කනවා කියන්නේ මගේ ජීවිතේ එපාම කරපු දේවල් වලින් එකක්.... ඒ වගේ දවස් මග අරින්න මම නොකරන දෙයක් නැති තරම්.........මොකද මම මේ මේසෙන් ඉද ගත්ත දවසට කට්ටියට කෑම හිර වෙනවනේ....
සීයා තාත්තා ගෙදර නැති දවස් වලට උනත් ගෙදර පොඩි හිටියෝ කෙසේ වෙතත් හිටියා වැඩි සෙට් එක නම් අනිවාර්යයෙන්ම උදේ හයහමාර විතර වෙද්දි කෑම කාමරයේ දැකගන්න ලැබෙනවා.
මොනාද මොනාද මේ වට්ටියෙන් වසා ඇත්තේ............
දුම් දාන පොල් රොටියි, මැගී නැන්දා ගලේ අඹරලා හදාපු රතුම රතු පාට තෙල් බේරෙන ලුණුමිරිසයි.... ම්ම්ම් දැක්ක ගමන් මගේ කටට කෙල ඉනුවා.
"අපේ අප්පෝ සුදු මහත්තයා, අත පිච්චෙයි දරුවෝ."
උණු උණුවේ දුම් දදා තිබුන රොටි වට්ටියෙන් වටේ හොදට කරවෙලා තිබුන රොටියක් හොයාගන්න ඇගිලි ගගහ හිටපු මම මැගී නැන්දා එහෙම නැත්නම් මේ බංගලාවේ අවුරුදු ගානක ඉදලා බංගලාවේ ඈයන්ට කෑම හදන කුස්සි අම්මගේ කටහඩින් ගැස්සිලා ගියා.
YOU ARE READING
දෛවයේ සරදමක් කියා සිතුවත්.... (Non-fic)
Non-Fictionමොන හේතුව උඩ උඹ මගේ නමට ලිය උනත්, උඹ අද ඉදන් මේ යුගාන්ගේ වස්තුව...... ගැහැණු ගතක් ලගවත් ගැස්සුනේ නැති මගේ තුන් හිතම හොලවලා දැම්මා නේද මටත් හොරාවට..... මෙච්චර කල් ලෝකෙටම හොරෙන් තනියෙන් ඇඩුවාට අද ඉදන් වාරු වෙයන් මගේ උරහිසට...... 🌺තේව් යුගාන් ශයාශ්ම...