තෙවැනි සරදම

100 14 7
                                    

❤️❤️❤️

අවසානයේ දී කොහොමින් කොහොම හරි උසස් පෙළ විභාගය පටන් ගන්න දවසත් ආවා. කන අස්සෙ දෙවෙනි පාරටත් බෙරිහන් දෙන අලාර්ම් එක එක ඇහැක් විතරක් ඇරගෙන ඕෆ් කරපු මම එහෙමම නැගිටලා ඇද උඩ එරමිණියා ගොතා ගත්තා.

උසස් පෙළ පටන් ගන්නකම් දින ගැන්නට මොකද දැන් නම් හීනියට වගේ තිබුන විභාග භීතිකාව උගුර ලගටම ඇවිත් හිරවෙලා වගේ නොදැනෙනාවාම නෙමෙයි. ලාවට වගේ ඇගත් රත් වෙලාද මන්දා..

උදේ කියලා බලන්නේ නැතිව සීතල වතුරෙන්ම පැය භාගයක් විතර හොදට නාගත්ත මම වෙව්ල වෙව්ල සිවිල් පිටම කාමරයට දුවන් ආවේ තුවායෙන් ඔලුව පිහදන ගමන්. මට ඕන උනේ ඉක්මනට කොණ්ඩෙ පිහදගෙන, ඇදුම් ඇදගෙන දුම් දාන උණුම උණු කෝපී කෝප්පයක රහ බලන්න. මොකද දැනෙන සීතලට වගේම, අසාමාන්‍ය විදිහට කලබලා වෙලා තියෙන මගෙ හිත සන්සුන් කරගන්නත් මේ වෙලෙ තියෙන හොදම බෙහෙත තමයි උණුම උණු කෝපී කෝප්පයක් කියන්නේ.

කොණ්ඩෙ පිහදලා, තුවාය ෆෑන් එක උඩින් දාලා, අතින් කොණ්ඩෙ පොඩ්ඩක් ගැසුවේ ඉතුරුවෙලා තිබුන වතුර බින්දු ඒ මේ අත විසි වෙද්දියි. අම්මෝ සීතලයි යකෝ! හොද වෙලාවට AC එක ඔෆ් කරලා ගියේ බාත් රූම් එකට යද්දි. ආයේ පාරක් දත කට පූට්ටු වෙලා යන විදිහේ හිරියක් ඇග හරහා යද්දී මම ටක් ගාලා ඇදුම් රැක් එක ලගට ගියා නෙමෙයි පියෑඹුවා. ඕ මේ තියෙන්නෙ සුදට සුදේ දිලිහි දිලිහී...

ඊයෙ රෑ ගානට මැදලා නවලා කරලා ඇදුම් රැක් එකේ දාලා තිබුන සුදු අත් දිග කමිසෙයි, කලිසමයි ඇද උඩින් දාලා, ඊයෙ රෑම මම එලියෙන් තියලා තිබුන යට බැනියමයි, මගේ කැමතිම කලු පාට ඉරක් ගියපු නිල් පාට යට කලිසමයි ඇද ගත්තා. මේ යට කලිසමටයි මටයි තියෙන්නෙ ආත්මීය බැදීමක්. මේක නිසා තව ටිකෙන් මාව ජාත්‍යන්තරයටත් යනවා.

කොක් කොක් කෝක්!
කොක් කොක් කෝක්!
ඊයා ඊයා යෝ...!

කොක් කොක් කෝක්!
කොක් කොක් කෝක්!
ඊයා ඊයා යෝ...!

"දෙයියනේහ් මේ ගෙරි කුකුළා...."

කියන්න සතුටුයි කලිසමේ එක කකුලයි දාගන්න හම්බ උනේ කැලඹිලා,කොරවෙලා තිබුන මගේ පුංචි හිත තවත් කලඹවන ගමන් මහ හයියෙන් බලු උඩු බිරිල්ලක් හා සමාන උන කුකුලෙක් කෑගහන්න ගත්තේ කාමරයේ තිබුන නිහැඩියාව පෑල දොරින් පැනලා දුවද්දීයි.

දෛවයේ සරදමක් කියා සිතුවත්.... (Non-fic)Where stories live. Discover now