මෙය තවත් එක ආදර කතාවක් නම් නොවේ. මේ කතාව ඇතුළත ආදර කතා කිහිපයක්ම තියෙනවා. සාර්ථක වගේ ම අසාර්ථක වුන ආදර කතා කිහිපයක් එකතුවක්...ඒ නිසා සාමාන්‍ය ආදර කතාවක් මේක ඇතුළෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා..මේක රන්දුගෙ ජිවීත කතාව මිසක් ආදර කතාව නෙමෙයි..
සුදුත් නොවන කලුත් නොවන අළු චරිත කිහිපයකින් සමන්විත පරිච්ඡේද දෙකකින් සමන්විත ප්‍රබන්ධයක්.චරිත ගැන පොඩි හැදින්වීමක් කරනවානම් හොදයි කියලා හිතුන නිසා පොඩි හැදින්වීමක් ඇතුළත් කරනවා.
රන්දුල ගජනායක නොහොත් රන්දු - කලාව සිය ජානවලින්ම උරුම කරගෙන ආ සංගීතයට සහජ හැකියාවක් දැක්වූ ඔහු ලෝකය ඉදිරියේ අහිංසක චරිතයක්. නමුත් ඔහුගේ අදුරු පැතිකඩ ඔහුගේ ආදරණියන්ට කෙසේ බලපෑම් කරාවිද?
සපූර්වා සිරිවර්ධන හෙවත් සපූ - වැලිකෙලියේ පටන් රන්දු සමග එක්ව සිටි රන්දුගේ අසල්වැසියා වූ ඇය ලෝකයාගේ බලපෑම හමුවේ කොයි අතට දෝලනය වේවිද? ජීවිතයේ ලද ජයග්රහන හමුවේ සියා කුඩාකල මිතුරා ඈ අතින් අතහැරියාවිද?
ශෙනාලි ගුණවර්ධන හෙවත් ශෙනූ - සිය මවගේ අඩීපරේ යමින් කලා ලෝකයට පිවිසුණු ඈ රන්දු ගැන හොදින්ම දැනඋන් ඔහුගේ ප්‍රාණසම මිතුරියයි....මවක් සේ රන්දු රැකබලාගන්න ඇය ලෝකයාගේ අපවාදයට නිරන්තර ලක්වු තැනැත්තියකි...ලෝකයාගේ කතාබහට පාත්රවූ රන්දු සහ ශෙනූ අතරවූ ඒ අපුරූ බැදීම ප්‍රේමයකට පෙරලාගැනිමට ඔවුනට හැකිවේවිද?විශ්වජිත් ගජනායක - කලක් චිත්‍රපට නලුවකු හා අධ්‍යක්ෂකවරයෙකු ලෙස ක්ශේත්‍රයේ වැජඹීහුන් ඔහු රන්දුගේ 'අප්පච්චිය'...රන්දුගේ මුලු ලෝකයම ඔහුවිය.
වාසුලා ගජනායක - කලක් චිත්‍රපට නිළියක වූ ඈ රන්දුගේ අම්මාය...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණිය ගැහැණියක වූ ඇයට සිය සත් හැවිරිදි දරුවා දමා යන්නට තරම් සිදුවූයේ කුමක්ද?
සහස් දිසානායක - රන්දු අසල සෙවනැල්ලක් මෙන් රැදිහුන් ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මිතුරෙකි.
විකුම් සිරිවර්ධන - සපූගේ තාත්තා වූ මොහු බොහෝ පරිණත ආදරනීය මිනිසෙකි....සිය අසල්වැසි නිවසේ දරුවාට තමාගෙ දරුවා සේ සැලකූ උතුම් පුද්ගලයෙකි
YOU ARE READING
තනුව නුඹ
Romance"මගේ ජීවිතේ මං වැඩියෙන්ම ආදරේ කරන අයව උදුරගෙන මට වේදනාව විතරක් උරුම කරන්නේ ඇයි" "ඒ වේදනාව තුළින් ඔයා ලවා සාර්ථක නිර්මාණයක් බිහිකරවන්න ඕනි නිසයි" මේක මගේ වචන නම් නෙමෙයි...මේ රබින්ද්‍රනාත් තාගොර් කියන අපූරු මිනිසා හා ඔහුගේ මව අතර ඇතිවෙච්ච දෙබසක්. ඒත්...