හැම දෙයක්ම පටන් ගන්නේ - පිවිතුරුගේ විදිහට නම් දින පොතකින්....
සිතුම්ගේ විදිහට නම් ජර්නල් එකකින්.
==============
පිවිතුරු ඉස්කෝලේ දොළහ වසරේ ඉගෙන ගන්න ළමයෙක්. එයාට අම්මගෙන්... තාත්තගෙන්... යාළුවන්ගෙන්.... ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් සඟවන රහස් ගොඩක් තියෙනවා.
සිතුම් කියන්නේ පිවිතුරුගේ හොඳම යාළුවා.
පිවිතුරු සිතුම්ගෙන් හංඟන රහසකුත් තියෙනවා. ඒ, සිතුම් ගැන පිවිතුරුගේ හිතේ තියෙන ආදරය.
බලාපොරොත්තු නොවුණ විදිහේ අහඹු සිදුවිමකින් මේ රහස් එකිනෙක එළිවෙන්න පටන් ගනිද්දී එතෙක් නිදහසේ ගලාගෙන ගිය පිවිතුරුගේ ලෝකය උඩු යටිකුරු වෙනවා. පිවිතුරු කොහොමද මේවට තනියෙම මුහුණ දෙන්නේ...?
අම්මලා තාත්තලා කොහොම ප්‍රථිචාරයක් දක්වයිද?
යාළුවෝ?
ඉස්කෝලේ ගුරුවරු?
සේරටමත් වඩා පිවිතුරුගේ හොඳම යාළුවා, සිතුම්?
හැම පැත්තෙන්ම එල්ල වෙන අපහාස උපහාස සහ චෝදනා අතරේ පිවිතුරුව ගොඩක්ම වේදනාවට පත් කරවන්නේ සිතුම් පිවිතුරුගෙන් ඈත් වීමයි.
සිතුම්ට, පිවිතුරුව තේරුම් ගන්න පුළුවන් වේවිද? පිවිතුරුට දැන් තියෙන ලොකුම බලාපොරොත්තුවත් ඒකයි.
===========================================
මොකද්ද මේ ආදරණීය හිස්තැනක් කියන්නේ?
- ආදරණීය හිස්තැනක් කියන්නේ නවකතාවක්. ප්‍රබන්ධයක් හැටියට ලියවුණත් අපේ එදිනෙදා සමාජයේ තියෙන සිදුවීම් ආශ්‍රය කරගෙන ලියවුණු නවකතාවක්. අතට ගන්න පුළුවන් පොතක් හැටියට එන කතා පොතක්.
YOU ARE READING
ආදරණීය හිස්තැනක් | Dare To Read?
Romanceනොකියූ කතාවක් තරම් දරුණු වේදනාවක් හදවතකට තවත් නැති නිසා... ආදරණීය හිස්තැනක්. =================