පිවිසුම 1

22 3 0
                                    

"දෙවියන්ද, යක්ෂයා නොහොත් සාතන් ද වෙසෙන්නේ මිනිසුන් තුලය.මිනිසුන්ගෙන් දෙවියන් වෙන් කරගැනීම පහසු මුත් නොමිනිසුන් අතරින් සාතන් වෙන් කර හදුනා ගැනීම පහසු නැත.හඳුනා ගත්තද ඔහු උපතේ පටන් ම යක්ෂයකු වූයේද යන්න අර්ථකථන දීම දුෂ්කරය."

-------------------------------------------☠👤

වසර දහ නවයකට පෙර අතීතය.....

INCIDENT REPORT NO: 13

2007/12/11
11.46 p.m
13 th ලේන්, සැමුවෙල් මාවත

රාත්‍රී එකොලහයි තිහට පමණ බින්ස්ෆීල්ඩ් පොලිස් ස්ථානයේ දුරකථනයට ලැබුනු පැමිණිල්ලකට අනුව මමත් මගේ කණ්ඩායමත් හැකි ඉක්මනින් පහත සඳහන් නොම්. 666 A , 13 th ලේන්, සැමුවෙල් මාවතෙහි පිහිටි නිවාසය වෙත ගියෙමු.අප එම ස්ථානයට ළඟා වන විටත් ගිනි නිවන කාර්‍යංශය විසින් ගින්න පාලනය කොට තිබූ නමුත් නිවසින් හරි අඩකටත් වඩා දැවී හලුවී තිබුණි.පසුව පරීක්ෂා කිරීමේදී හමු වූ පිළිස්සුනු මල සිරුරු දෙකෙන් එකක් එම නිවසේ ජීවත් වූවා යැයි පැවසෙන ලිලිත් බෲක්ස්ගේ නම් කාන්තාවගේ මළ සිරුර බව තහවුරු කරගන්නා ලද නමුත් හමු වූ අනෙක් මළ සිරුරෙහි අනන්‍යතාව පිළිබඳ තවමත් විමර්ශන සිදු කෙරෙමින් පවතී. එසේම ඈ සමග ජීවත් වූ ඇගේ දොලොස් හැවිරිදි දියණිය සහ පුතු අතුරුදන් වීමත්, මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරුවල ඇති තැලුම් හා තුවාල නිසාත් මෙය හුදු ගින්නෙන් සිදු වූ මරණයක් ද යන්න සැක පහල වී ඇත. අතුරුදන් වූ දරුවන් සහ හදුනා නොගත් මළ සිරුරේ අනන්‍යතාවයත්, ගින්න ඇති වීමට හේතුවත් සොයා තවදුරටත් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.

ඉන්ස්පෙක්ටර් ෆ්‍රෝඩ්.
16.06.2006

-------------------------------------------☠👤

පොලිස් වාර්තා පොතේ එසේ සටහන් වෙද්දී...
13 වන පටුමගට වීදි කිහිපයක් ඈතින් පිහිටි නමක් නොදන්නා වීදියක අඳුරු කෙලවරක දුඹුරු පැහැ ලණු ගෝනි කිහිපයක් අතර ලේ තැවරුණු වතක් දරා සිටිනා කුඩා කොල්ලෙකු හෙණ අතරින් නැගෙනා මහා වරුසාව දෙස බලා සිටියේ ය.ඔහු නෙතඟේ රැදුණු ගුප්ත බැල්මට යටින් වූයේ දරාගත නොහුනු ශෝකයක්ද වියරුවක් ද යන්න දැනගැනීමට පැතිර ඇති අඳුර විනිවිදිය හැකි දෑසක් ඒ අසලක නොවුනි.

-------------------------------------------☠👤

A/N - පිවිසුම කියවන එක අත්‍යාවශ්‍යම නෑ ඒත් මේකේ ඉඟි ගොඩක් කිහිපයක් තියෙනවා මේ incident එකෙන් කියන්නේ කවුරු ගැනද කියලා නොකියා කියන.බලමු ඉස්සරහට.හැබැයි දෙන්න වෙන්නේ හෙමීට මොකද මේ genre එක මන් personally කැමති එකක් ඒ නිසා ඒක අනාගන්න මන් කැමති නෑ.ලස්සනට ලියන්න ඕනි මේක

ලායල් ( Layal) The Dark Hours of Life || Very Very Slow Update  Where stories live. Discover now