Chapter 10

433 82 27
                                    

Yadh pov:

මන් දන්නෑ මට මොකක් උනාද කියලා.දරුවා හොස්පිට්ල් එකේ කිව්වා විතරයි මට උන් හිටි තැන් අමතක වුනා.කර කර හිටපු ගන් ඩීල් එකත් පැත්තකට දාපු මන් දුවන් ආවෙ ලක්ෂ ගානක ලොස්ට් එක ගැනවත් හිතන්නැතුව.මට තේරෙන්නෑ මොනාද මන් දැන් කරන්න ඕනෙ කියලා මන් මැරෙන්න බය නෑ දෙයියනේ .ඒත් මගෙ දරුවට නම් මොකුත් වෙන්න එපා.එහෙම උනොත් මේ අප්පච්චිගෙ පපුව පැලිලා මැරෙයි බන්.

බයික් එකට නැගලා උපරිම වේගෙ දාලා මන් ආවෙ දෙතුන් වතාවක්ම මන් හැප්පෙන්න ගිහින් නූලෙන් බේරෙද්දි.පැයක් විතර ගතවෙන ගමන මන් විනාඩි විස්සෙන් විතර ආවෙ ආව වේගෙ මටවත් හිතාගන්න බැරි වෙද්දි.හොස්පිට්ල් එක ඉස්සරහින් බයික් එක නවත්තපු මන් හෙල්මට් එකත් ගලෝලා විසික් කරලා හොස්පිට්ල් එක ඇතුලට දිව්වෙ පිස්සෙක් ගානට .මට ඇහුනා මගෙ පස්සෙන් ආපු බයික් පේලියක් හොස්පිට්ල් එක ඉස්සරහින් නවත්තනවා.

කෙලින්ම රිසෙප්ෂන් එක ලගට ගිය මම

"මේ දැන් පොඩි ළමයෙක් හොස්පිට්ල් එකට ගෙනාවද"

"ඔව් සර් "

"මට කියන්න දැන් එයාව කොහෙටද ගෙනිච්චෙ කියලා."

"දැන් පැය බාගෙකට කලින් දරුවව අයි.සී.යූ එකට ..........."

එතන හිටපු කෙල්ල ඉතුරු ටික කියන්නත් කලින් මන් දුවන් ආවෙ මට තවත් ඒ කෙල්ල අහන ඒවට උත්තර බදින්න බැරි නිසා.

අයි සී යූ එක ගාවට යද්දි දැක්කෙ බිම දනගහගෙන පිස්සෙක් වගෙ අඩන පසන්ව.කොණ්ඩෙත් අවුල් වෙලා සෙරෙප්පු දෙකක්වත් නැතිව ඔහෙ බිම ඉදගෙන වට පිට ගැන නිච්චියක්වත් නැතිව අඩනවා.මට ආව ආවේගෙට එතනට ගිය මන් කොල්ලව ඇදලා අරන් කනේ පාරක් ගැහුවෙ කොල්ලව පරඩැල වගෙ ඇදිලා ඇවිත් විසික් වෙලා බිත්තියෙ වදිද්දි.

මට තරහයි මුන් හැමෝ එක්කම තරහයි.මුන් සේරමලව මරාගෙන මැරෙන තරමට මට වේදනයි.

කේෂව් මන් ආපහු කොල්ලාට ගහයි කියලද කොහෙද මාව තද කරලා අල්ල ගත්තත් උගෙ ග්‍රහනයෙන් මිදිච්ච මම කොල්ලගෙ බෙල්ල බිත්තියට තියලා තද කරේ ඒ ඇස් වලින් වේදනාවට කදුලු කම්මුල් දිගෙ පහලට බහිද්දි.මටත් මෙවෙලෙ කරන්නෙ මොනාද කියලවත් සිහියක් නෑ.අඩුම තරමෙ කොල්ලට බැන්නෙ මොනාකිලද කියලවත් මතක නෑ.හිතේ වේදනාවට මගෙ කටින් මොනා පිට වුනාද කියලාවත් මන් දන්නෑ ඒත් මගෙ වචන නිසා කොල්ලාට නොසෑහෙන්න රිදුනා කියල නම් මට දැනුනා.

අකල් වැහිWhere stories live. Discover now