01.

1K 41 4
                                    

Extremely Mature Contents
21+

Read with your own Choice
🙏Read 1st Chap before this

.
.
.
.
.

" බහින්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" බහින්න...." ඒ ගැබුරු කටහඩ. මගේ ලගින්ම වගේ දැනුන ඒ රස්නෙ හුස්ම.
මේ දේවල් මගේ සීමාව තවත් ඉක්මවා යවන්න උත්සාහ කරනවා මිසක් වෙන කුමක්ද .

මා මෙපමණ වේලා සැරිසරමින් වූ සිහින ලෝකයෙන් එලියට විත් දොර විවර කර ඇගේ කහ පැහැති ස්පෝර්ට් වර්ගයේ කාර් රථයෙන් එලියට ආවෙමි .

ඇය හරිම ආත්මාර්ථකාමී සීතල චරිතයකි. එවන් චරිතයකටම මගේ සිත සෙලවීමට හැකිවීම නම් මටවත් සිතා ගත නොහැක.

මා එනවද වත් සොයා බැලීමට වෙහෙස නොවූ ඇය වම් පසින් ටිකක් ඈතට වෙන්න පෙනෙන්නට තිබෙන විදුලි සෝපානය දෙසට ඇවිදගෙන යයි.

අසුනේ යටින් තබාගෙන පැමිනී මගේ අත්බෑගයද එක් අතකට ගත් මා කාර් රථයේ දොර නිවැරදිව වසා ඉක්මනින් ඈ පසුපස දුවන්න විය.

මා පැලද සිටි අඩි උස සපත්තු යුවලේ ටොක් ටොක් හඬ ඈ ආසන්නයට යත්ම හෙමින් අඩුවන්න විය.

මා ඇයට මීටරයක් පමණ ඈතින් නතර වී ඇයට කතා කරන්න විය.

" කුන් සාම්...."

ඇය ඇගේ සීතල බැල්ම මා දෙසට යොමු කලාය .. වෙන කිසිත් නැත.. අඩුම මොකද යැයි අසන්නට තියා ඇහිබැමක් ඔසවා මා බිය ගැන්වීමටවත් ඈ වෙහෙස වූවේ නැත.

" කුන් සාම්... කුන් සාම් මං කිව්වනෙ.... දැං රෑ වැඩි නිසා අපි මේක හෙ...." මගේ හඬ නැවත අවදි විය. නමුත් ඇය එහි අවසානය දකින්නට මහන්සි නොගත්තා ය.

නැවත ඉදිරියට හැරුන ඇය ඇගේ ගාම්භීර ගමනෙන් ඉදිරියට ඇදෙන්නට විය.

Orchid Flavour (GxG Smut) 18+ [Complete] Where stories live. Discover now