04.

494 26 1
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




මට අවදි විනි. මා කොපමණ වේලාවක් නිදාගත්තේ ද යන්න පිළිබඳ අදහසක් මා සතු නොවිණි.

සුසිනිදු ඇඳ ඇතිරිල්ල මත මා දිගා විනි. මට සුමිහිරි වේදනාවක් දැනෙන්නට විය. සාම් පෙනෙන්නට නැත. මම හිමින් සීරුවේ සයනය මත වාඩි වුනෙමි.

වීදුරු කවුළුව තුළින් බැංකොක් නගරය දිස්වෙයි. අහස උසට නැගුන ගොඩනැගිරි අතරින් විදුලි කනු කීපයක් දැකගත හැකි අතර බටහිරින් හඳ එලිය යාන්තමින් පෙනේ.

එක්වරම පියානෝ වාදනයක් ඇසෙන්නට විය. එය ශෝකීය එනමුදු සුමිහිරි සංගීතයකි. එය තේරුම් ගැනීමට මට බොහෝ වේලා ගත වුණේ නැත.

ඇඳ ඇතිරිල්ල ඇඟ වටා දවටා ගත් මම ශබ්ද නොනැගෙන සේ සීරුවෙන් කොරිඩෝව දිගේ පියානෝ සංගීතය ඇසෙන කාමරය දෙසට පියනගන්නට විය.

එය වෙනත් කාමරයක් නොව එය මේ නිවසේ සාලයයි. කාමරයට ඇතුළු වීමට ඇති දොර අසල වූ බිත්තියට පිටදුන් මම පියානෝ වාදනයට සවන් දුන්නේමි.

පියානෝව අසල හිඳවුන් සාම්, මහත් ව්‍යායාමයකින් යුතුව එය වාදනය කරනු මට පෙනේ. පෙනෙන ආකාරයට නම් ඇය හැඳ සිටින්නේ උඩුකයට ඇඳුමක් පමණි. මා හිමිහිට ඇය දෙසට අඩි තබන්න විනේ.

ඒ සමගම ඇය සිය සංගීතය නතර කොට මා දෙස දිදුලන දෙනෙතින් බලා සිටින්නට විය.


" ම්. ඔයා මොකක්ද මෙතන කරන්නේ?"

ඇගේ කටහ‍ඬ යම්තාක් දුරකට ගැඹුරුය. මම කිසිත් නැහැ යන්න පැවසීමට හිස සලන්නට විය.

අනතුරුව හිමින් ඇය අසලට ගොස් පියානෝව දෙසට එක් අතක් දීපු කරමින් සිටගත් මම ඇය දෙස කෙලින් බලන්නට විය.

Orchid Flavour (GxG Smut) 18+ [Complete] Where stories live. Discover now