20 කොටස

273 19 12
                                    

"අඩෝ තෑන්ක්ස් බන්. උඹ නැත්තම් කෙලවෙනවා අද"

අපි හිටියෙ ගුරුවරුන්ගෙ විභාගෙ අන්තිම දවසට කලිම් තිබ්බ සබ්ජෙක්ට් එක ඉවර වෙලා ගෙදර යන්න ලැහැස්ති වෙන ගමන්. අද කලිම් දවස කියන්නෙ හෙටින් මේක ඉවරවෙනවාආ. දෙමියනේඒහ් සැනසීමෙන් නිදාගන්න පුළුවන් ඊටපස්සෙ. අපෙ මමාගෙ කටටත් සැනසීමක් ලැබෙයි. ඔය කිව්වට ඒ කියවිල්ල ඉවරවෙන එකකුත් නෙමෙයි. දවස ගානෙ එකම ටික රිපීට් කර කර අහන් ඉන්නෙක තමයි තියෙන්නේ.

"හරි හරි බන් ඕක මොකද්ද"

මම එහාපැත්තෙ හිටපු අර්ජුනයගෙ පිටටත් තට්ටුවක් දාලා පෑන් පැන්සල් ටික බෑග් එකට ඔබාගත්තෙ දරාගන්න බැරි බඩගින්නකින්. මේ දවස්වල අපෙ මමාගෙන් හෙන සැලකිල්ල මට. එයාගෙ රත්තරම් පුතා මහන්සි වෙලා පාඩම් කරනවනෙ. පාඩම් කරනකොට හොඳට ශක්තිය ඕනි. ශක්තිය තියෙන්න හොඳට කන්නෝනි. ආහාර දහනයෙන් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට තමා ශ්වසනය කියන්නෙ. ඊළඟට ශ්වසනයෙ කෑලි දෙකක් තියෙයි ආශ්වාසයයි ප්‍රාශ්වාසයයි කියලා. පෙනහළු අස්සෙ ගර්ත තියෙයි. හම්මට මෙමරිය හොඳයිනෙ මගෙ. සයන්ස් ඉවරවෙලා දවස් හතරකුත් වෙනවා. කිව්වට බැහැ දිව්‍යඤාණෙඑහ්

"කෝ බන් ලිතිරුවා. දැක්කෙත් නැහැ"

"ඌ ලිට්නෙ බන්. හවස තියෙන්නේ"

"ආආ එල එල අපි ගියා එහෙනම්"

මම් මියුසික් කරාට ලිතිරු පුතා මොලේ වැඩි හිම්දා ඉන්ග්ලිශ් ලිට් කරන්නෙ. ඒ උනාට ඌට වඩා හොඳ මොළයක් මට තියෙනවා. කොහොමත් මම් ළඟදිම තෙවෙනි ඇහැ විවෘත කරන්න ඉන්න හිම්දා ඌට වඩා දෙයක් කරගන්න පුළුවන්. ගැම්මක් තමා මිහින්ස පුතේඒ. ඒක විවෘත උනාම මන් ඇහෙම් බලලා පේන කියන දේවාලයක් දාගන්නවා. අපෙ මමාට ඕක කිව්වම එයා කිව්වා 'ඒකට තමයි උඹව අවුරුදු එකොළහක් ඉස්කෝලෙ යැව්වෙ යැයි යැයි යැයි' එයාටත් පොඩ්ඩ බැරිවෙන්න බැහැ කේන්ති යනවනෙ. ඔය කිව්වට දේවාලෙ දියුණු උනාම අපෙ මමාත් අකමැති වෙනේකක් නෑහ්.

ක්ලාස් එකේ හිටපු උන්ටත් බායි කියලා මන් එළියට ඇවිත් කාර් එකට හේත්තුවක් දාම් ටික වෙලාවක් බලාගෙනත් හිටියෙ ලිතිරුවා එයිද කියලා. ඒ උනාටඅ නැහැනෙ. උන්ට තුනයි ගානකට තියෙන්නේ. අපිට එකට ඉවරයි.

You've reached the end of published parts.

⏰ Last updated: May 24 ⏰

Add this story to your Library to get notified about new parts!

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞ | ONHOLDWhere stories live. Discover now