"බලපන් දැන් උඹ කීයෙ ඉඳන්ද ඔය චිත්‍රෙ අඳින්නෙ? ආහ්..."
"හිටපන් රවිඳු උඹ කිව්ව පලියට මේවා ආවට ගියාට අඳින්න බැහැ, අනික සෙක්ෂන් එකේ දැන්වීම් පුවරුවේ දාන්නත් යන්නෙ, ලස්සනට තිබුනම අපේ පංතියටනෙ ආඩම්බර"
"උඹ ලස්සන බල බල ඕක පැය ගානක් හරි අත ගගහා හිටපන්! සෙක්ෂන් බාර මිස් ඇවිත් කෑ ගැහුවම උඹ ඔය ටිකම කිව්වෙ නැත්තන්නේ!..."
"ඇයි නැත්තන් උඹ මොනවා කරන්න?"
Piyum's Pov : ඇයි අනේ කලින් කියන්නෙවත් නැතුව මේ හදිසියේ චිත්‍ර අඳින්න පුලුවන්ද අනේ, වේලාසන කියලා තිබුන නම් ගෙදරින්ම ඇඳන් එනවා... ඒ නැතුව මෙතන මහන්සි වෙලා ලස්සනට අඳින්න ඕන නිසා මාර අමාරුවෙන් වැඩේ කරනවා, මූ මෙතන බයිලා ගහනවා...කාටද මල පනින්නෙ නැත්තෙ?!..."
Piyum's pov end...
"උඹට දැනගන්නද ඕනෙ! හිටපන් උඹට......"
"ඒයි කවීශ නැවතියං!!!! උඹල දෙන්න පටන් ගත්තද ඔය මගුල ආයෙ!!!? ආහ්? පොඩි උන් වගේනෙ උඹල දෙන්න, පොඩ්ඩක් පරිණත වෙයංකො, ඇයි බං පියුම් උඹත් ආහ්?!!"
"ඉතින් බං දේශාන් මූනෙ නිකන් එල්ලෙන්නෙ!"
"නිකන් කවුද බූරුවො එල්ලුනෙ!? උඹනෙ හරියට වැඩක් කරන්නේ නැත්තෙ"
"උඹ කාටද යකෝ බූරුව කිව්වෙ?!! මම නෙවෙයි නම් උඹද මේ වැඩ කරේ ආහ් පොලොස් කොට්ටෝරුවො"
"කවුද යකෝ පොලොස් කොට්.... ම්ම්..."
ආයෙ රණ්ඩුව පටන් ගන්න කලින් දේශන් කවීශගෙ කට අතින් වහල කෑ ගැහුවා...
"නවත්තපා..........න් , ඕක මේ දැන්ම නවත්තපන්! නැත්තන් මම උඹල දෙන්නවම එල්ලනවා බාර් එකේ!!!!"
"හහ්... මේ බලහන්කො කවියො , මූ අපිව බාර් එකේ එල්ලනවලු"
"ඒකනෙ බං, බලපන්කො ඇගේ මස් නැහැ , හැබැයි කට නිකන් දාහකට ගහන්න වගේ"
රණ්ඩුව නවත්තන්න ආව දේශාන්ව දැන් මරාගන්න ගිය ඩබල එකතු වෙලා බයිට් කරනවා.ඒකෙන් දේශාන් ඇවිලුන එක විතරයි වුනේ...n
"හා... දැන් උඹල දෙන්න හොඳ වෙලා මම නරක් වුනානේ... උඹලගෙ වලි බේරන්න ආපු මාව තොපිලට විහිලුවක් වුනානේද...! ආයෙ වලි නෙවෙයි තොපි මරාගත්තත් මම නැහැ එන්නෙ...ඒක් මතක තියාගනින්... තුන් කට්ටු වල ඉද්දි මෙහෙම තමයි, වෙනස් කම් වැඩී. උඹ්ලගෙ ගනුදෙනු වලට මේ දේශාන් නැහැ කියලා මතක තියාගනින්!"
කොහොමද ලමයි පටන් ගැන්ම..🙂 අහක බලන් යන්නෙ නැතිව වෝට් කරල ශෙයා කරන් යන්නකො😒ඊළඟ එපියත් ඉක්මනට දෙන්නම්...😘😊