chapter 14

203 29 11
                                    

කාමරේ එල්ලලා තියන ඔරලෝසුව දිහා මං ඔලුව උස්සලා බැලුවා. පාන්දර හතරාමාරයි. කවුද බන් මේ ඔරලෝසු වලට ඉලක්කම් වෙනුවට ඉරි කෑලි හයිකරන එකා. ඉලක්කම් වෙනුවට ඉරි තියන ඔරලෝසුව දකින දකින පාරට මට ඊයෙ ඉඳන් අම්මා මුත්තා මතක් වෙනවා. ගනන් කරලත් ගන්නෙපැයි. මොකද බලපු ගමන් ඕකෙ වෙලාව බලන්න එක යකෙක්ටවත් පුලුවන්ද... පුලුවන් එකෙක් ඉන්නවනම් කියපල්ලා. උබලා මිනිස්සු වෙන්න බෑ. එච්චරයි!

වෙනදට ඇඳට පැන්න ගමන් නින්ද යන මට අද නින්ද අහලකවත් නැතිකොට මං පැය එකහමාරකට කිට්ටු වෙන්න කල්පනා කරලා. අයියා නිදි. මං තවත් මෙහෙම හිටියොත් අන්තිමට කල්පනා කරලා හිත රිද්දගන්නවා කියන්න දැනගෙනම කල්පනාව නවත්තන්න ඇඳෙන් බැස්සා. කොහොමත් දැන් අම්මලා ඇහැරලා ඇති. අපේ වගේ නෙමෙයි මෙහෙ ගොඩක් මිනිස්සු හතට වගේ කාලා දහයාමාර එකොලහ වෙන්න නිදියන් හතරට පහට නැගිටිනවා. අපිනම් කන්නෙම 9 පහු වෙලා. එකාතකට අපි හෙන වෙනස් මිනිස්සු නේද බන්?

අනිත් මිනිස්සුන්ට කොහොම උනත් මේ වලව්වෙ මිනිස්සුන්ට හතර කියන්නෙ හැමෝම නැගිටින වෙලාවක්. මං කාමරේ දොර ඇරන් ඔලුව එලියට දැම්මා. ලයිට් ඔක්කොම දාලා... ඒ කියන්නෙ හැමෝම නැගිටලා. මං පඩිපෙලත් බැහැගෙන ගියා. සාලෙ ලොකු සෝෆාවට වෙලා සීයා මොකද්ද පොතක් කියවනවා. නාකි උනත් සීයට ඇස් පේනවා. ඒකට අපි.... ඒ ගැන කතා නොකර ඉමු. මටනම් අනේ සමහර වෙලාවට බෝඩ් එකේ තියන එකක් පේන්නෙත් බොඳ වෙලා. එක්කො අපි ඉපදුන විදිහෙ වැරැද්දක්. සීයා මගෙ අඩි සද්දෙට වෙන්නැති පොතෙන් ඔලුව අරන් මං දිහා බැලුවා.

" ගුම්මෝනින් සීයෙ "

" මෝනින්... මෝනින්... මොකද ඉල්න්දාරියා අද වේලාසනින් නැගිටලා. "

" නින්ද යන්නෑ අනේ. මං හිතන්නෙ මට ඊයෙ ඉඳන් ඩික්ටේසන්. කෝ අම්මා? "

" කුස්සියෙ බලන්න "

මං කිව්වෙ සීය රකුසු මූණෙක් උනාට මගේකා. මං අම්මාව හොයන් කුස්සියට යන්න ගිහින් ආයෙ නැන්දගෙ කාමරේට හැරුනා. එයා නිදි... ඊයෙ නිදාගෙන හිටියා වගේම. එහෙම ඉද්දි හරි අහින්සක පාටයි. ඇතුලෙන් ඒ මනුස්සයව සනීප කරන්න කලින් එලියෙන් සනීප කරන්න ඕනෙ. ගිහින් තියන කොණ්ඩෙ කොටට කපන්න තියෙන්නෙ. හොඳට කන්න දීලා ටිකක් මහත් කරානම් හොඳයි. එතකොට අනිත් ඒවා ඒත් එක්කම හැදෙයිනෙ. මං සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න කාමරේ දොරත් අඩවල් කරන් ආවා. පව්... එයාව දකිනකොට මගෙ පපුව රිදෙනවා. මං එහෙම්ම සාලෙට ඇවිල්ලා සීයට ඉස්සරහා සෝෆා එකෙන් ඉදගත්තා.

BE MEMORABLE Where stories live. Discover now