"හේශ් පුතා ඔයාල හයිවේ බස් එකේ නේද යන්නේ?"
"ආහ් අන්කල්......මේක යන්න තව පැයක්වත් යනවනේ.ඉතින් මම බැලුවේ අර කතරගම බස් එකේ යන්න.දැන්ම නැග්ගොත් ඉඩත් තියෙනවනේ."
"ඒත් හේශ් පුතා එකේ යනවට වඩා මේකේ පරක්කුවෙලා හරි යන එක හොදයි.ඕක තව ටිකකින් පොල් පටවලා වගේ වෙයි.අනික ඕක ඉතින් නවත්ත නවත්තනේ යන්නේ.ඒ හින්දා මේකේ යන්න.පරක්කු වුනාට මොකද පුතාලගේ ගෙදරනේ යන්නේ.මම මේ පුතා හින්දමයි විද්වාන්ව එවන්නේ.නැත්තන් මෙයාගේ වෙන ගමන් වැඩියි කියලා මට ආරංචියි.පුතාව විශ්වාස කරලා තමා එවන්නේ.එහෙනම් මේ බස් එකට නගින්න කෝ."
චිරායුවයි මායි කුරුනැගල බස් ස්ටැන්ඩ් එක මැද්දේ හිටන් හිටියේ.උබලට හිතෙන්න පුලුවන් ඇයි ස්ටැන්ඩ් එකේ මැදම හිටන් ඉන්නේ කියලා.අයිනෙ හිටන් ඉන්න බැරිකමට නෙමෙයි.අපි යන්න ඕනේ බස් එක තියෙන්නේ ස්ටැන්ඩ් එක මැද නවත්තලා.හයිවේ බස් වගේම කතරගම ත්‍රිකුනාමලේ වගේ දුර ගමන් බස් ස්ටැන්ඩ් එකේ ගහන්නෙ මැද.එව්වට ස්ථීර තැන් නැ.
මොනා නැතත් කුරුනැගලට චන්ද්‍රිකා දොබෙන් යන්න කියලා දුන්න බස් ස්ටැන්ඩ් එකක් නම් තියෙනවා.කටක් ඇරලා කියන්න පුලුවන් ලන්කාවෙ ලොකුම බස් ස්ටැන්ඩ් එක තියෙන්නේ කුරුනැගල කියලා.ඉස්කෝලේ ටයිම් එක පාස් වෙලා තිබ්බත් සතියේ දවසක් නිසා උදේ නමය විතර වුනත් ටවුන් එකේ සූ සූ ගාල සෙනග.ස්ටැන්ඩ් එකේ එක තැනක හිටන් ඉන්නත් බැ.එහෙට්ට මෙහෙට්ට බස් දානවා,හරවනවා.කට්ටියක් බස් වලට නගිනවා, තව කට්ටියක් මග.
මේ ඔක්කොම අස්සේ මායි චිරායුවයි විතේශ් අන්කලුයි හිටියේ ස්ටැන්ඩ් එක මැද්දේ.විතේශ් අන්කල් නිකන් පලවෙනි පාරට බස් ස්ටැන්ඩ් එකකට ආව වගේ අපුලෙන් බලන ගමන් වටේ ඉන්න මිනිස්සුන්ට ඔරවන්න ගත්තා.ශේඩ්ස් දෙකත් දාන් කුරුදුවත්තේ පොරක් වගේ අන්කල්කාරයා එහෙට්ට මෙහෙට්ට කැරකෙනකොට මිනිස්සු එකා දෙන්නා අපි දිහා නොබැලුවම නෙමෙයි.අද තමා අපි ගාල්ලේ ට්‍රිප් එක යන දවස.ඒත් මේ වෙනකොට අපි දෙන්නා නම් ඉන්නේ විතේශ් අන්කලගේ භාරේ.
චිරායුවා ගෙදරින් අපි නෙවෙයි වගේ වෙන යාලුවෝ සෙට් එක්ක ට්‍රිප් එකක් යන්න දාපු ඇම හරි ගිහින් නැ.අහපු ගමන්ම බැ කියලා. ඌ කොච්චර ඇවිටිලි කරත් ඌට යන්න දෙන්න බෑ ම කියලා.පස්සේ බැරිම තැන ඌ මම ගමේ යනවා මාත් එක්ක එහෙ ගිහින් සතියක් විතර ඉදලා එන්නම් කියපු එක නම් කෙදිරි ගාල කොහොමහරි ගොඩ ගියා.ඒත් ඉතින් ගමේ යනවා කියපු නිසා අපි හිතුවේ ශේප් එකේ ගමේ යනවා කියලා ට්‍රිප් එක යන්න.ඔක්කොම චක බ්ලාස්ට් වුනේ ඊයේ රැ.විතේශ් අනකල් අපිව බස් එකට දාන්න එනවා කියලා රැ දහයට විතර චිරායුවා මැසෙජ් එකක් දාල තිබ්බා.එතකොට මම යන්න ඕන කරන බඩු ලැස්ති කරලා නිදාගන්න යන්න හැදුවා විතරයි.
YOU ARE READING
නසරාණියා|Nasaraniya
Non-Fiction"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හි...