"සර් අපි තැනට ආව.""අහ්හ් හරි. ගාන කීයද."
"200 යි සර්."
මම රුපියල් 200 ක් පික්මී එකෙ එක්කෙනාට දීලා ත්‍රීවිල් එකෙන් බැහැලා බැලුවේ මගේ ඉස්සරහ තියෙන තනි සුදු පාටින් පිරුවම් කරපු තට්ටු දෙකේ ගෙදර දිහා.පර්චස් 30 ක ඉඩම් කැලි වල මේ ජාතියේ තට්ටු දෙකේ ගෙවල් පෝලිමට ගහලා තියෙන දිහාටත් මගේ ඇස් බැල්මක් දුන්නා.
අම්මාට දැන් එහෙමට ලොකු අසනීප ගතියක් නැති නිසා එයට උදෙටත් කන්න දීල දවල්ට එයා පොඩි දෙයක් හදාගන්නම් කිව්ව නිසා මම එහෙම්මම ආවේ චිරායුලගෙ ගෙදර යන්න.උන්ගෙ ගෙදර යන්න කලින් මම ගියේ චානුට මොනා හරි ගන්න.කෙල්ල හෙට රැ ෆ්ලයි කරනවා.අද මාව හම්බෙන්න ඕනේ කියලා කිව්වා නිසා මම හවස එයාව හම්බෙන්න යන්න ඉන්නේ.එයා අවුරුදු ගානකට රට යන නිසා මම එයාට මොනාහරි දෙන්න බැලුවේ.ගැනු ලමයි ෆැන්සි බඩුවලට කැමති නිසා මම එහෙම බඩු තියෙන කඩ කීපයක්ම බැලුවා.ලොකුවට ෆිට් වෙන දෙයක් තිබ්බෙත් නැ.
අන්තිමට මම කැරකිලා කැරකිලා බැරිම තැන සේල්ස් ගර්ල් කෙනෙක්ගේ උදව්වෙන් present එකක් සිලෙක්ට් කරගත්තා.මට කෙල්ලොන්ට තැගි තෝරලා පුරුද්දක්ම නැ.අපේ අම්මට තැගි තෝරලා තිබ්බට අම්මගේ කැමැත්තවලුයි අද කාලෙ ගැනු ලමයින්ගෙයි කැමැත්තවලුයි වෙනස්නේ.අන්තිමට මම වැඩි මෝස්තර නැති මෙකප් පවුච් එකකුයි,tumbler වෝටර් බොටල් එකකුයි ගත්තා.
තැගි ටිකත් එතනින්ම පැක් කරන් මම එන්න ආවේ ෆැශන් බග් එක ලගම දාල දාල තියෙන සමුද්‍රා කැෆේ එකෙන් ඩෝනට්ස් තුන හතරකුත් ඇරන්.චිරායුව මම එනවා කියනකොටම බලන් ඉන්නේ කන්න මොනාද ගෙන්නේ කියලා.කන්න මොකුත් නැත්තන් ගෙයි සීමාවට ගන්නෙත් නැ.ඕක මතක නිසාම මම කන්න මොනාහරි ඇරන් පික්මී එකක් දාගෙන එන්න ආවා.
ටවුමේ ඉදන් උගේ ගෙදර තියෙන මල්ලවපිටියට කිලෝමීටර තුනක් විතර වුනාට යන්නම පැය භාගෙකට වඩා යනවා.ඇයි ඉතින් මුලින්ම කෝච්චි ස්ටේශන් එක කිට්ටුව roundabout එක ගාව වරුවක් ඉන්න ඕනේ.ඊට පස්සේ යග්ගපිටිය හයිවේ එන්ට්‍රන්ස් එක ගාව තවත් වරුවක් වෙලා ඉන්න ඕන.ඔය ඔක්කොමත් හරි එපා වෙන්නෙම තෙලියගොන්න හරිය සෙට් වුනහම.ඒතන රෝයල් ඉන්ටර්නැශන්ල් එකේ වාහන ට්‍රැෆික් එක.උදේ දවල් කියලා වෙනසක් නැ එතන කකොයිවෙලෙත් ට්‍රැෆික් එක.කොහොමත් එතනට එන ඔක්කොම ලමයි වගේ එන්නේ එක්කො ස්කූල් සර්විස්වල නැත්තම් තමන්ගේ වාහනවල. ඒ හින්දා පැර දෙපැත්තේ ඒ වාහන් නවත්තල නිසා යන්න තියෙන ඉඩ පටු නිසා ඒ හරියේ ට්‍රැෆික් සෙට් වෙනවා.අනික පල්ලියත් ඒ කිට්ටුවමනේ.
ස්කූල් ටයිම් එකක සෙට් වුනොට් පුතේ ආයේ ලේසියකට යනවා බොරු.
YOU ARE READING
නසරාණියා|Nasaraniya
Non-Fiction"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හි...