"හේශ්?"
"....................................................................................................................."
"හේශ්?"
"......................................................................................................................"
"හේශ්......ඒයි නැගිටපන්......මොකාද මැරුන වගේ ඉන්නේ නැතුව....හේශ්......අඩෝ උබේ ඇග රස්නෙයිනේ?උබට උණද බන්.....ශිට්......සුදූ පස්සට ගිහින් බලනවා......."
"අවුලක් නැ ...බන්...."
"හේශුවා....යකෝ තොට දාඩියත් දාල....ඒයි...බඩ රිදෙනවද බන්?බඩ අල්ලන් ඉන්නේ....."
"නෙලීශයා වාහනේ ඉස්සරහකින් නවත්තපන්කෝ....ඉඩ තියෙන තැනකින්...වමනේට වගේ....."
"ආහ් හරි හරි....පොඩ්ඩක් අල්ලන් ඉදපන්..සුදූ ශොපින් එකක් බලන්න...... ඇතුලේ හරි කමක් නැ උබට වමනේ යන්න එනවනම් දාපන්..."
මම එහෙම්ම කට අතින් තද කරගත්තා.නෙලීශයා කිව්වට එහෙම වාහනේ වමනේ කරන්න පුලුවන්ද?
චිරායුව බැක් සීට් එකෙන් දනගහන් ඩිකිය පැත්තට ඔලුව දාන් ශොපින් එකක් හොයන අතරතුරේ නෙලීශයා වාහනේ ඉස්සරහ ශොපින් එකක් හෙව්වා.වෙලාවේ හැටියට චිරා ඩිකියට බැහැලා ශොපින් එකක් හොයාගත්ත වෙද්දි ඒක මගේ අතට දෙනකොටම මට ඒකට වමනේ ගියා. චිරායුවා මගේ පිට අත ගාන්න ගත්තත් මම ශොපින් බැග් එක අත් දෙකෙන්ම තද කරන් ඌව එහාට කරේ වැලමිටෙන් අනින ගමන්.
"එහාට වෙයන්..කැහ්...උබේ ඇගෙත් ගැවෙයි...."
"අනේ හුත්තක් නොකියා ඉදපන්..."
චිරායුවා මට බැන බැන ම මොකාද එකා වගේ ඇලිලා ඉද්දි මගේ ඇස් දෙකම බොද වෙලා යනවා දැනුනේ කදුලු පටලයකින් ඇස් දෙක වැහීගෙන යනකොට.මම එහෙම්මම ඇහිපිය වේගෙන් ගහලා යටි තොල හපාගත්තා.නෙලීශයා වාහනේ නවත්තනකොට මගේ ඇගේ පන කෙන්දක්වත් ඉතුරු වෙලා තිබ්බේ නැ.මොකද පෙරේදා රැ ඩිනර් අවුට් එකේ ඉදන් කාපුවා වමනේ ගිහිල්ල ගිහිල්ලම ඇගේ ශක්තිය බින්දුවක් නැ.ඇගට කියලා ඇල්ලුව නම් ඇල්ලුවේ මන් හදාගෙන බීපු සුදු කිරි එක.මගේ ගැස්ට්‍රික් ලෙවල් එක වැඩිවෙලා වගේ ආයේම.ට්‍රිප් එකේ අන්තිම දවස්වල ඉදල තිබ්බ උගුරට එන ගතියත් එක්ක මට සැකයක් තිබ්බත් මම ඒ ගැන ලොකුවට හිතුවේ නැ.
YOU ARE READING
නසරාණියා|Nasaraniya
Non-Fiction"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හි...