01 කොටස

1K 72 61
                                    

"නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට..."

"මේ... ඕයි..."

"මගෙ සතුට සොයමි නුඹ ගාව..."

"ඒ බං...
දේව්‍ය..."

"සැනසුම..."

"පකයො.."

**චටාස්**

ඉස්කෝලෙ හතරවෙනි පිරියඩ් එක වෙලාවෙ ඔෆිස් එකෙන් එහාට වෙන්න තිබුණ ප්‍රයිමරි පන්ති කාමර දිගේ ඔහේ ඇවිදන් යන තමන්ට වඩා අවුරුද්දක් බාල පොඩි කොල්ලෙක් දිහා ඊට ඉස්සරහ බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවෙ 13CB පන්තිය ඉස්සරහ තිබුණ බැල්කනි එකේ ඉඳන් අත් දෙක එකට බැඳගෙන බැල්කනිය උඩින් තියාගෙන තමන්ගෙ හීනි දිග ඇස්වලින් සීතල බැල්මක් දාගෙන පොඩ්ඩක් බැල්කනියට බරවෙලා බලාගෙන පාඩුවෙ සින්දුවක් කියාගෙන හිටපු දේව්‍යට කොහේද මන්දා ලෝකෙක ඉඳන් පියවි සිහියට එන්නම කොන්දට වැරෙන් පහරක් පංතිය ඇතුලෙ ඉඳන් බැල්කනි එකට ආව සස්මිත අත ඇරියෙ දේව්‍යට සස්මිතගෙ අම්මා මුත්තා සිහිකරන්න ආස හිතෙන තරම් වේගෙකින්.....
ඒ වෙලාවෙ දේව්‍යට මාරයා ආවේස උනා වගේ ලොකු කේන්තියක් දැනුනා...

"මොකද බං කොන්දට ගහන්නේ... පාඩුවේ අත තියාගෙන හිටපන්කෝ...."

"ඇයි උඹ මේ කවදාවත් නැතුව සින්දු කියන්නෙ.... ඒකත් වෙනම ලෝකෙක ඉඳගෙන... මං උඹට කී සැරයක් කතා කලාද..."

දේව්‍ය කියන්නෙ තරමක් නිවුන තැන්පත් චරිතයක්... ඒවගේ කෙනෙක් කලාතුරකින් සින්දුවක් කියනකොට එයාගෙ ළඟම යාලුවා උන සස්මිත පුදුමෙන් වගේ බලන් හිටියෙ දේව්‍යට ඔච්චර චිල් එකක් එන්න තරම් මිනිහට මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරි වෙද්දි...

"මුකුත් නෑ... නිකම්.."

ඒත් එක්කම සස්මිත දේව්‍ය කලින් ඇස් යවාගෙන හිටපු පැත්ත දිහා බැලුවම එයාට වඩා ටිකක් වයසින් අඩු පිරිමි ළමයෙක් ප්‍රයිමරි පංති දිගේ ඇවිදන් යනවා දැක්කා.... ඒත් එක්කම සස්මිතගෙ මූණට ආවෙ මහ වල් හිනාවක්...

"ආහ් මට දැන්නෙ සීන් එක තේරුණේ.... උඹ සින්දු කියන ගමන් ෂදීශ මල්ලි දිහා බැලුවා නේහ්... අඩේ මට හිතෙනවා උඹලගේ අතරේ මොකක්හරි හුටපටයක් තියෙනවා කියලා... මට ඕක කීපදවසක්ම මීටර් උනා... උඹ ඌව දකිනකොට උඹට අමුතු චිල් එකක් එනවා මං දැක්කා.. තෝ ඒ වගේ වෙලාවට තමයි ඔහොම සින්දු කියන්නෙත්.."

හිරිපොද වැහි | Ongoing  (Slow Update)Where stories live. Discover now