08 කොටස

251 32 64
                                    


සස්මිත pov:

"සස්මිත අයියෙ ඔයා අද මාත් එක්ක යන්න එනවද"

ක්ලාස් ඉවරවෙලා ගේට්ටුව ගාව තමන්ගෙ හිකනලා එනකම් බලන් හිටපු ෂදීශ මගෙන් එහෙම ඇහුවා....

"නෑ බං ෂදීශ..... උඹ පලයන් අයියත් එක්ක... මං දේව්‍යත් එක්ක ටිකක් කතා කරලා බස් එකේ යන්නම්..."

"හා එහෙනම්... ටටා බායි.."

"හරි හරි ටටා බායි.."

සර් හැමදාම පහට ඉවර කරනවා කියල ක්ලාස් පටන් ගත්තට මොකෝ අපිට හැමදාම ක්ලාස් ඉවර වෙන්නෙනම් පහමාරට... ලමයි ක්ලාස් නතර කරන්න කියලා කෑගහලා චිට් දැම්මෙ නැත්තම් සර් ක්ලාස් එක ඉවර කරන්නෙ හයට හතට විතර... දෙයියනේ කියලා අදනම් ක්ලාස් එක පහයි දහයට නතර කළා...

ක්ලාස් ඉවරවෙලා ෂදීශනම් තේසඳ අයියත් එක්ක ගියා... දැන් ඉතින් අපි කට්ටිය පලයංකො 120 බස් එකේ... අනේ මේ ලබ්බෙ බස් එකේ කොහොම යන්නද මන්දා දැක්කමත් එපාවෙනවා.....

ක්ලාස් ඉවර උනාට පස්සෙ ෂදීශ මල්ලි යනකම් ගේට් එක ළඟට වෙලා කතා කර කර හිටපු අපි එයා යනවත් එක්කම ඉක්මනට පැපිලියාන හංදියට දුවගෙන ගියේ බස් එකක් අල්ලගන්න බලාගෙන...

යාන්තම් අපි පැපිලියානට යනකොටම 120 බස් එකක් ආපු නිසා අපි ඒකට නැග්ගා...

අම්මෝ මේකෙ ඉන්න සෙනඟ.. අදත් ෆුට් බෝඩ් එකේ යන්න වෙයි වගේ.... පිළියන්දල, කැස්බෑව හරියෙන් බහින උනුත් මේ හොරණ බස් එකේ නගිනවා.. මුන්ට වෙන යන්න බස් නැතුව වගේනේ මේකටම නගින්නෙ... මේකෙ නගින්නැතුව නැගහංකො පිළියන්දල-කළුබෝවිල එකේ හරි කැස්බෑව-පිටකොටුව හරි.. හුත්ත... කොහොමත් පිළියන්දලදි මේ බස් එකෙන් භාගයක්ම බහිනවනෙ... ඊට වඩා හොරණ පැත්තට යන කී දෙනෙක්නම් ඉන්නවද බස් එකේ සෙනඟ වැඩී කියලා නගින්නැතුව... අපි ගැන විතරක් නෙවෙයි අනිත් මිනිස්සු ගැනත් හිතන්න ඕන...

ඒ අස්සෙ මැද පෝලිමේ ඉන්න අයට ඉස්සරහටයි පිටිපස්සටයි යන්න කිය කිය ෆුට්බෝඩ් එකේ ඉඳන් කෑගහන කොන්දව දැක්කම තමයි මට තව නගින්නෙ... හැබැයි ඌ කෑගහන එකත් සාධාරණයි... එහෙමයි කියල මේකා මගෙ කන ළඟ ඉඳන් කෑගහලා හරියනවද... කෑගහන එකක් කෑගහපියකො ඇතුළට ගීහිල්ලා... රිළවා...

හිරිපොද වැහි | Ongoing  (Slow Update)Where stories live. Discover now