විසි දෙවන නෘත්‍යය 🥀

131 21 1
                                    

ශිව දර මිටිය බිම හෙලන ශබ්දය ඇසී සමනලිය ඔහු දෙසට බැල්මක් හෙලුවත් වෙහෙස පැහැදිලිව පෙනුණු ශිව ගේ මුහුණේ තෘප්තිමත් සිනහවක් තිබෙනු සමනලියට දැක ගන්නට හැකි වුණා.


දිය බඳුනක් ලබා දෙනවද උමා...?

තමා අත වූ පඬු කහ පැහැයට හුරු අත් පිස්නාව ඉතා ප්‍රවේසමෙන් ඉනෙහි රඳවා ගනිමින් ශිව විමසද්දී සමනලිය ගේ රන් සළඹේ ශබ්දය වතුර කළය වෙතටත් ඉන් අනතුරුව ශිව වෙතටත් ඇදී එද්දී
ආහාර පිසින ගමන් ම විද්‍යා එදෙස බලා සිනාසුනා.

කුමක්ද ඔබ කරමින් සිටියේ...?

සමනලිය අතින් වතුර පිරි කෙණ්ඩිය අතට ගනිමින් ශිව විමසද්දී සමනලිය සිනා වුණා.

මා විද්‍යා මසුන් පිසින අයුරු බලා සිටියා...

ඇයි....? ඔබ මසුන් පිසින අයුරු දැක නැතිද..?

ශිව විමසද්දී සමනලියගේ බෝල කරගත් තද දුඹුරු පාට නෙත් යුගල දෙපසට වේගයෙන් හෙලවී ගියා.
සමනලිය හිස දෙපසට වනමින් තමා මසුන් පිසිය යුතු ආකාරය පිළිබඳ නොදන්නා බව ශිව හට අඟවනවා.

ඉතා ඉක්මනින් ජලය පානය කළ ශිව බඳුන සමනලිය අත තබද්දී, දහදිය වැකුණු ශිව ගේ කඩවසම් රූපකාය දෙස බලා සිටි සමනලියගෙ දෙකොපුල් රත් පැහැ ගැන්විලා...
ඒත්.. රජ සැප විඳිමින් මාලිගයේ සුව සේ ජීවත් වූ යුවරාජ් ට අත් වී ඇති කටුක ඉරණම දුටු සමනලිය ට බොහෝ දුකක් ඇතිවෙලා. ලා නිල් පැහැති සමනලියගෙ සාරි පොට තරු කැටයම් සහිත වීදුරු වළලු පිරි හස්තයට මිටි වෙලා...
සමනලිය ශිව ගේ මුහුණ දෙකොණින් ගලන දහඩිය තම සාරි පොටෙන් පිසලනවා..
ශිව තනිව වෙහෙස මහන්සි වීම වෙනුවෙන් කළ හැකි දෙයක් තිබේ නම් ඒ ශිව ගේ වෙහෙස දුරලන්නට කළ හැකි සියල්ල ඉටු කිරීමම පමණක් බව සමනලිය දන්නවා.

ඔබ බොහෝ වෙහෙසෙනවා ශිව. ඔබ මෙසේ දුක් විඳිය යුතු අයෙක් නොවේ...

ඔබ දුක් විඳිය යුතු අයෙක් නොවන බවයි මගෙ අදහස පාර්වදී...

ඒත් ඔබ... කිරුළක් හිස දැරීමට ගොඩක් ම උචිත අයෙක්..

ඉතින් අර්ජුනුත් උචිතයි නෙ....

සමනලිය පවසන සිහින් වදන් වලට සිහින් කටහඬින් ම ශිව ත් පිළිතුරු බඳිනවා.
සමනලියගෙ කුඩා දෑතින් අල්ලා තම සිරුරට ලං කර ගනිමින් ශිව සිහින් ස්වරයෙන් පවසද්දි, සමනලියට නම් සිතුනෙ ශිව ඒ ලෙස කතා කරද්දි එය බොහෝ සරාගී බව.
ඒත් ඉතින් සමනලිය උස ශිව ගෙ වැඩුනු පපුව ට පමණයි නෙ. ශිව ගෙ මුහුණ බලන්න සමනලිය ට හිස ඉහලට ඔසවන්න වෙලා. ඒ වුණත් ශිව ගේ ප්‍රේමණීය සිනහව තාමත් එලෙස ම බව සමනලියට දකින්න පුළුවන් වුණා.

නෘත්‍යා... JIKOOK NONFICTION ✔️Onde histórias criam vida. Descubra agora