Busan mental hospital
"අම් එක්ස්කියුස් මී මිස්"
"ආ ගුඩ් මෝනින් ! ඔයා වෙන්නැති අලුතෙන් එනව කිව්ව ඩොක්ටර්. නේද? නම මොකද්ද?" ෆයිල් වගයක් චෙක් කරමින් හිටිය ඩොක්ටර් කිට් එකෙන් සැරසිලා හිටපු කෙල්ල අලුත් ආගන්තුකය ට අවධානය දුන්නා.
"අම්.. ඔව් මිස්, ගුඩ් මෝනින්... මම ජියෝන් ජංකුක් "
"මිස් නෙවෙයි කොල්ලො, නූනා කියන්න... මම කිම් ජිසූ" කෙල්ල කිව්වෙ හිනාවෙලා අතට අත දෙන ගමන්.
"සර් දැන් එයි ටිකක් ඉන්න"
"හරි. තැන්ක්යූ.. "
* * * * * * * * * * * *
"හරි එතකොට ජංකුක්, ඔයාගෙ පේෂන්ට් ගෙ රූම් එක. Room No 103. මින්සු ජංකුක් ට රූම් එක පෙන්නන්න"
"හරි සර්"
හෙඩ් එක්ක කතාවෙන් පස්සෙ නර්ස් ජංකුක්ව no 103 එක ලඟට එක්ක ඇවිත් ලොග් එක ඇරියා."හරි මේක තමයි රූම් එක. මෙන්න පාස්වර්ඩ් එක. පාර්ක් ජිමින්. අවුරුදු 18ක කොල්ලෙක්. මෙයා එක්ක ගොඩක් ඉවසීමෙන් තමයි වැඩකරන්න ඕන. එහෙනම් මම යනවා. මෙන්න එයාගෙ breakfasts එක. මෙන්න බෙහෙත්. අවශ්‍යය දෙයක් තියෙනවනම් කියන්න"
"තැන්ක්යූ " ජංකුක් දොරේ handle එකට අතතියලා ඇතුලට යන්න කලින් හුස්මක් පිට කරලා.
එයා ඇතුලට යද්දි දැක්කෙ ජනෙල්, කර්ට්න් ඔක්කොම වහපු ටිකක් අඳුරු කාමරයක්. ඒ වගේම ඇඳේ මුනින් අතට හාන්සිවෙලා වහල දිහා බලාගෙන ඉන්න පිරිමි ළමයා. ජංකුක් ඇතුලට ආවත් එයා නම් කව්ද ආවෙ කියල බලන්නවත් මහන්සි වුනේ නෑ.
"අම්... හායි! මම ඔයාගෙ අලුත් ඩොක්ටර්. ජංකුක්. ඔයාගෙ නම මොකක්ද? "
ජංකුක් පොඩි ළමයෙක්ට වගේ කතාකරනකොට කොල්ලා කිසිම හැඟීමක් නැතුව එයාගෙ තියුණු තද නිල් පාට ඇස් වලින් ජංකුක් දිහා බලාගෙන හිටියා."වාව්..." ජංකුක්ට නිකම්ම කියවෙද්දි ජිමින් ඇස් කරකවලා ආයෙත් වහල පැත්තට හැරුණා.
"අම් මම ඔයාගෙ උදේ කෑම එක ගෙනාවා. ගන්න"
එයා බලපු විදියට ජංකුක් හිතුවෙ එයා කෑගහන්න අරන් කෑම එකත් විසිකරල දාවි කියලා. ඒත් එයා සන්සුන්ව කෑම එක අතට අරන් ඒ විදියටම නැගිටල ගිහින් dustbin එකට දාලා පිඟාන පැත්තකින් තිබ්බෙ ජංකුක් පුදුමෙන් බලාගෙන ඉඳිද්දි.
"ඇයි? කන්න බැරිද? හරි එහෙනම් මේ බෙහෙත්වත් බොන්න"
* * * * * * * * * * * *
"කොහොමද ජංකුක්, පේශන්ට්? " ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කර කර lunchඑක ගන්න ගමන් හිටිය ජීසු ජංකුක් ට කතාකරා.
"අනේ මන්දා නූනා, බොහොම අමාරුවෙන් ආයෙත් කෑම ටිකක් ගෙන්නලා කවාගත්තෙ. බෙහෙත් නම් බිව්වෙම නෑ. කතා කරන්න බැරිද එයාට?"
"දන්නෙ නෑ කුක්, කලින් එයාව බැලුවෙ Dr. ජින් නේ ..." ජීසු කිව්වා.
"ඔහොම තමා මුල් දවසෙ හැබැයි ඉතින් නළවලා හරියන්නෙ නෑ. මොනාහරි කරලා බයකරවගන්න වෙනවා. එහෙම නැත්නම් බෙහෙත් විදින්න වෙනවා "
"හ්ම්..."ජිසූත් අනුමත කරා.