වෙලාව රෑ 7.00 ට විතර ඇති. හැමෝම ගෙවල් වල යන්න පිටත් වුනා.
"ආ ජංකුක්, ඔයා අද නයිට් වර්ක් ඉන්නව නේද 9.00ට? ගෙදර ගිහින්ද එන්නෙ? "
"එහෙම තමයි නූනා බැලුවෙ. පේෂන්ට්ලා හතරක් විතර බලන්නත් ඕන"
"හරි පරිස්සමින්. ගුඩ් නයිට් කොල්ලො"
"හරි..ගුඩ් නයිට් නූනා"
හොස්පිට්ල් එකේ ජංකුක් එයාටම තිබුනු ඔෆිස් රූම් එකෙන් එලියට යන ගමනුත් මතක් කරේ ඇයි ජිමින් ඒ විදියට හැසිරුණේ කියලා. ඒ අහින්සක ඇස් මතක් වෙන හැම වතාවෙම ජංකුක්ට එයාව පිච්චෙනවා වගේ. මේක මානසික රෝහලක්, එයා එක පේෂන්ට් කෙනෙක් විතරයි කියල හිතන්න ජංකුක් ගෙ හිත නම් කැමති වුනේම නෑ.
"එහෙනම්, මේක තමයි වෙලාව. කවදාවත් මානසික රෝහලක තට්ටු 13කින් පැන්න කොල්ලෙක් ගැන නිව්ස් වලට යන්නෙ නැතිවෙයි නේද?"
තමන්ටම හිනා වුනු ජිමින් වේගෙන් හුලඟ වදින බැල්කනියේ අත් වැට උඩ හිටගත්තා."මාව ඇහෙනවද ඔම්මා?! මේ විදයට විඳවනවට වඩා ඔයාලා ළඟට එන එක සැනසීමක් වෙයි. එහෙම නේද? මගේ ආත්මෙ වත් මට අයිති නැතිකොට... ඕව්.. මේක තමයි එකම විසඳුම"
ලොකු හුස්මක් හෙලපු ජිමින් ඇස් පියාගෙන එයාගෙ කකුලක් අත්වැටෙන් එහාට යවනවත් එක්කම එයාට දැනුනෙ එයාව එකපාරම පිටිපස්සට ඇදිලායනවා වගේ.
තමන් ඉන්නෙ අපායෙද කියන සැකයත් එක්ක පුදුමෙන් ඇස් ඇරිය ජිමින් දැක්කෙ එයාගෙ බඳ වටේ එතිලා තිබුනු හැඩිදැඩි අත් වගේම එයාගෙ ඇස් එක්ක පැටලුනු කෝපි පාට ඇස් දෙකක්. ජංකුක් උත්තරයක් බලාපොරොත්තු වුනත් ජිමින් හිටියෙ තාම ඒ ඇස්වල ගිලිලා.විනාඩි කිහිපයක නිහඬතාවය බිඳින් ගමන් ජංකුක් කතාකරා.
"ඔයාට පිස්සුද! " දෙන්නම හිටියෙ ගොඩක් කලබල වෙලා. ජිමින් කොහොමටවත් හිතුවෙ නෑ ජංකුක් මේ වෙලාවෙ ඉඳී කියලා.
"ඔයා ගෙදර යන්නෙ නැද්ද මිස්ටර් ජියෝන්?" ජිමින් කිව්වෙ එයාගෙ ඇස් මග අරින ගමන්.
"ජියෝන් තමා. ඒත් මම තාම බැඳලා නැහැ. ඒක නෙවෙයි ප්‍රශ්නෙ ඔයා.. "
"මට වැඩක් නැහැ" වැඩේ අසාර්ථක වුන නිසා ජංකුක් එක්ක තරහින්ම ජිමින් ජංකුක්ටත් ගස්සගෙන ආයෙ කාමරේට ගියා.