❀ දෙවෙනි දිගහැරුම ❀

2.1K 177 57
                                    

මේ අනුධ කියන්නේ තනිකර පිස්සෙක් එච්චරයි මට‍ හිතන්න හම්බුනේ ඕයි ඕයි...

අනුධයා මට‍ අත දෙන්න ගිහින් උගේ කකුලත් ලිස්සලා අන්තිමට ඌ දැන් මගේ ඇඟේ අත් පටලන් එල්ලිලා... දැන් නම් අත්ත කැඩෙනවා ෂුවර්...

"යකෝ මාවත් එක්ක ඇළට දාන්නේ නැතුව අයින් වෙයන්..."

"උඹ මොකක්ද මට‍ දැන් කියන්නේ..."

"උඹ ඔහොම්මම පැනපන්..."

"පැනලා..."

"පැනලා ගොඩට පලයන්...."

"එතකොට උඹ දිගටම ගහේ ඉන්නද කල්පනාව..."

"නෑ යකෝ... මාව බේරගනින් බං අනේ අම්මේ...."

සිගිති පාතාලේ උන් අපි දෙන්නා සර්කස්කාරයෝ දෙන්නෙක් වගේ එල්ලිලා ඉන්න දිහා බලන් හිනා වෙනවා.. මට‍ මගේ අම්මා සිහිවෙනවා දැන්...

අත්ත කැඩෙන්න ඔන්න මෙන්න... අනුධයා ඇලට පැන්නා... වතුර පාර සැර වුනාට ගහගෙන නොයා බේරෙන්න උට පුළුවන් වුණා... ඒත් අර මොකක්ද ගහගෙන යන්නේ..

මං ඉබේම බැලුවේ මගේ යට කොටස දිහා... යකෝ ජොකා විතරයි... අනේ මගේ කලිසම... අනුධයා පැනලා තියෙන්නේ මගේ රෙද්ද ගලවන්... අනේ යකෝ මගේ රෙද්ද...

"චූටයියේ.. ආන් කජු පුහුලමක්.."

"තොපිට තියෙන පුහුලමම තමයි මට‍ තියෙන්නේත්..."

"ඉඳපන්කෝ මෙතනින් බහිනකන් තොපි ඔක්කොටම පෙන්නනවා අද පුහුලන් මං...

මගේ කලිසම ගඟේ ගියා...ගඟට උඩින් කොක්කු ගියා... අනේ හතුරෙක්ටවත් මෙවන් විපතක් වෙන්න එපා.. එක පැත්තකින් අනුධයා.. අනිත් පැත්තෙන් සිගිති පාතාලේ.. මුන් ඔක්කොම මේ මට‍ හිනා වෙනවා.. මං අසරන වෙලා වගේ හිතට දැනෙනවා........ ආආ...

"එල්ලිලා ඉන්නේ නැතුව පැනපන්... මං ඉන්නවනේ අල්ලගන්නන්..."

උඹව නම් මට‍ සතේකට ෂුවර් නෑ... කලිසම වගේ මාවත් ගහන් යයිද දන්නේ නෑ.. අම්මට ඉන්න එකම කොලු පැටියා...මූ හිතලාමයි මගේ රෙද්ද ගහන් යන්න දුන්නේ...බොහොම අපූරුයි කල්‍යාණ මිතුරේ ඔබ.,

මට‍ වැඩි වෙලා හිතන්න ලැබුනෙත් නෑ මට‍ පනින්න ඕනි වුනෙත් නෑ අත්ත පිටින් කඩාගෙන මාව ඇළ පාරට වැටුනා... යන්තම් මාව දියෙන් ගොඩට ඇදල ගත්තේ අනුධයා...

බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆Where stories live. Discover now