❀ පස්වෙනි දිගහැරුම ❀

789 85 38
                                    

"ඒ මොකක්ද බං කිව්වේ..."

"ඇත්තටමයි කියන්නේ... ඒ ඇබිත්තයා කියන්නේ මනුස්සයෙක් නෙමෙයි... අමනුස්සයෙක්..."

"අනේ මේ දරුවෝ... භූත දොඩවන්නේ නැතුව මෙන්න මේ ටික ගිහින් දීලා වරෙන්..."

"හ‍රි හ‍රි අම්මේ..."

"හ‍රි හ‍රි අම්මේ නෙමෙයි... කෝ පලයන්කෝ..."

"හාපෝ..."

"මොකද මූණ..."

"හැමතිස්සෙම කාටහරි හිනාවක් ගේන දෙයක් කරන්න පුරුදු වෙන්න අම්මේ... බලන්න දැන් අපේ ආතල් එකනේ මේ ඔයා නැති කරන්නේ.... අර කන්ද බඩගාන්න එපැයි දැන්..."

"අනේ මිනිස්සුන්ගේ මූනට හිනාවක් ගේන්න වෙන්න ඇති තොපි දෙන්නා එක්ක ඉපදිච්ච දවසේ ඉඳලා රට්ටු හිනස්සන වැඩ කරන්නේ..... සුදු මහත්තයා ගෙට යන්න... ඔයාට අම්මා කතා කලා..."

අම්මා කියන්න ගිය ටික ඉවර කලේ නෑ ඊටකලින් පොඩි මෑන්ව ඇතුලට යවලා හිටියා...

"මොකක්ද රට්ටු හිනස්සනවා කියන්නේ..."

"ඒකනේ නැන්දේ.... අපි කවද්ද එහෙම අසමජ්ජාති වැඩ කලේ..."

"දැන් ඊයේ ගම මැද්දේ රෙදි නැතුව දිව්වේ නැද්ද..."

කොහෙන්ද දෙයියනේ මේවා මේ කන් වලට එන්නේ... හ‍රි කේලම කිව්වා කියමුකෝ... කියපු එකා දැනගන්න එපැයි හරියට කියන්න...

"මං කොහෙද රෙදි නැතුව දිව්වේ... කවුද අම්මට ඔය කෙබ්බ ඇදබාපු එකා... අම්මපා අහුඋනොත් ඕකව දෙකට කඩන්න එපැයි..."

"උදේ කිරි ගෙනාපු හීන් මැණිකා කිව්වේ... උන්දැගේ කොල්ලත් කිව්වා... හබරල කොළ දෙකකින් විලි වහන් ගම මැද්දෙන් දුවලා..."

"කවුද සූකිරිද..."

"මූව තියන්න වටින්නේ නෑනේ..."

"ඒකනේ බං..."

"ඔය බොරු අම්මා... අම්මට අම්මගේ චූටි පුතාව විශ්වාස නැද්ද... ඊයේ යම්කිසි සිදුවීමක් වුණා තමයි...
හැබැයි ඔය කියන විදිහට නෙමෙයි..."

"අනේ මං දන්නේ නෑ ඔය වෙච්ච සිදුවීම... කොහොමින් හ‍රි අපිට මේ ගමේ පාරේ බැහැලා යන්න ඉඩ තියලා හිටපන්... ලැජ්ජා නොකර... ලඟදි එයිනේ ලියපු විභාග වල ප්‍රතිපල... බලාගමුකෝ එදාට... උඹව හමගහනවා එදාට..."

බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆Where stories live. Discover now